මිනිස් පරිභෝජනයට සුදුසු සහල් සත්ත්ව ආහාරවලට අරන්

60

අධිකරණය මගහැරි නීරාවිය  සත්ව ගොවිපළේ සාමාන්‍යාධිකාරීට සිතාසි

මිනිස් පරිභෝජනයට සුදුසු සහල් තොගයක් සත්ව ආහාර ලෙස යොදාගැනීමට විරුද්ධව අනුරාධපුර පාරිභෝගික සේවා අධිකාරිය ගොනුකළ චෝදනාවට තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකාරියේ පෙනී නොසිටි නීරාවිය මහවැලි සත්ව ව්‍යාපාරික සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයාට සහ සහල් සැපයුම්කරුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස තඹුත්තේගම මහෙස්ත්‍රාත් නුවන් කෞෂල්‍ය මහතා ඉකුත් 16 දා නියෝග කර සිටියේය.

තඹුත්තේගම නීරාවිය ප්‍රදේශයේ පවත්වාගෙන යන රජයේ සත්ව ගොවිපලක් පාරිභෝගික පනත උල්ලංඝනය කරමින් සතුන්ට ආහාර ලෙස ලබාදීමට සූදානම් කර තිබූ මිනිස් පරිභෝජනයට සුදුසු සහල් කිලෝ 10000ක පමණ ප්‍රමාණයක් සහ එම සහල් යොදාගනිමින් සකස් කළ සත්ව ආහාර තොගයක් ඉකුත් 8 දා හුරීගස්වැව ප්‍රදේශයේ ගබඩාවකින් සොයාගෙන තිබිණි. මෙම සොයාගැනීමත් සමග සිද්ධියට වගකිවයුතු එම සත්ව ගොවිපලේ අදාල සාමාන්‍යාධිකාරීවරයා ඇතුලු පස් දෙනෙකුට තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙසට අනුරාධපුර පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් දැනුම් දී තිබිණි.

අදාල චෝදනාවට අනුව මහවැලි සත්ව ව්‍යාපාරික් සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වරයා, එම සමාගමේ කළමනාකාරිනිය, එහි මිල දී ගැනීමේ නිලධාරි, එහි ගබඩා පාලකවරයා සහ මෙම සහල් සැපයුම්කරු ඇතුලු පස් දෙනෙකු පාරිභෝගික අධිකාරිය විසින් චූදිතයන් ලෙස නම්කර තිබුණු අතර මෙදින අධිකරණය දිරියේ පෙනී නොසිටි අදාල සාමාන්‍යාධිකාරී වරායාට සහ සහල් සැපයුම් කරුට මෙලෙස අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙසට නියෝග ලබා දුන්නේය.

පැමිණිල්ල වෙනුවෙන් අනුරාධපුර පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් පිරිසක් සහ පැමිණි සිටි විත්තිකරුවන් වනුවෙන් නීතිඥ ශ්‍රී ලාල් මහේස් තලංගල මහතා අධිකරණය වෙත කරුණු දක්වා සිටියේය.

මකුලෑව එල්. ඒ. කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment