මිරිස්ස වෙරළ තීරයේ හෝටලයක් අසළ ව්‍යාපාරිකයෙක් ආයුධවලින් පහරදී ඝාතනය කෙරේ

408

වැලිගම පොලිස් වසමේ මිරිස්ස වෙරළ තීරයේ හෝටලයක් අසල තියුණු ආයුධයකින් පහරදී සංචාරක ව්‍යාපාරිකයෙකු 16 දා උදෑසන 9.30 ට පමණ ඝාතනය කර ඇතැයි වැලිගම පොලිසිය කියයි.

මෙම පෞද්ගලික හෝටලය අසල වෙරළ තීරයේ බිම් කොටසක් සම්බන්ධව ඇතිවූ ආරවුලක් දුරදිග යෑමෙන් පසු එම ප්‍රදේශයේම පදිංචි තවත් සංචාරක ව්‍යාපාරිකයෙකු සහ ඔහුගේ පුත්‍රයකු විසින් සංචාරක ව්‍යාපාරිකයාට තියුණු ආයුධයකින් පහර දී ඇතැයි මූලික පොලිස් පරීක්ෂණ වලදී අනාවරණයවී තිබේ.

එම පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා මාතර මහ රෝහලට ඇතුළත් කරන ලද අවස්ථාවේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ මිරිස්ස පෙම් උයන්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි සෙල්ලා හැන්නදිගේ සුරංග නොහොත් බාල සුරංග නමැති 38 හැවිරිදි පුද්ගලයෙකි. වැලිගම පොලිසිය ඉදිරි පරීක්ෂණ කටයුතු මෙහෙයවති.

අකුරැස්ස – සමන් උපුල් පිනිදිය, අතුරලිය ඉඳුනිල් තාරුකා පිනිදිය

advertistmentadvertistment
advertistmentadvertistment