මිස්ටර් ශ්‍රී ලංකා කායවර්ධන තරගාවලිය ලබන 26 වැනිදා

128

ජයග්‍රාහකයන්ට රුපියල් මිලියනයක්

ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනය සංවිධානය කරන 74 වැනි ජාතික අයෝමය පුරුෂයා තේරීමේ කායවර්ධන තරගාවලිය මෙම මස 26 වැනිදා කොළඹ ටවර් හෝල් රඟහලේදී පැවැත්වීමට නියමිතය.

ජාතික මට්ටමින් සංවිධානය කෙරෙන මෙම තරාගාවලියට අනුබද්ධ ක්‍රීඩා සමාජ 377ක් නියෝජනය කරමින් ක්‍රීඩකයන් සහභාගි වන අතර, බර පන්ති 07ක් යටතේ තරග පැවැත්වේ. වයස අවුරුදු 23න් පහළ හා 23න් ඉහළ කිලෝ ග්‍රෑම් 70 බර පන්තියෙන් තරග 02ක්ද ප්‍රවීණයන්ගේ විවෘත තරගයක්ද තරගාවලියේ ප්‍රදර්ශනාත්මක තරග කාණ්ඩය නියෝජනය කරමින් පැවැත්වේ. අනෙකුත් තරග කිලෝ ග්‍රෑම් 60, 65, 75, 75, 80, 85 හා 90 යන බරපන්ති නියෝජනය කරමින් පැවැත්වේ. මෙවර තරගාවලිය සඳහා ලෝක මට්ටමේ ශාරීරික වර්ණ ගැන්වීමට කටයුතු සංවිධානය කර ඇති අතර, ඊට ‘ප්‍රෝ ටැන්’ ආයතනය අනුග්‍රහය දක්වයි. එමෙන්ම මෙවර

තරගාවලියේ අනුග්‍රාහකයන් ලෙසද ‘ප්‍රෝ ටැන්’ ආයතනය කටයුතු කරයි.

තරගාවලිය පිළිබඳව දැනුවත් කිරීමේ මධ්‍ය හමුවක් පෙරේදා (15දා) කොළඹ ඔටර්ස් ක්‍රීඩා සමාජයේදී පැවැති අතර ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ සභාපති ලයනල් කුමාර ඇතුළු විධායක කමිටු නිලධාරීන් පිරිසක් ඊට එක්ව සිටියහ. මෙවර තරගාවලියේ ජයග්‍රාහකයන්ට රුපියල් මිලියනයක ත්‍යාග මුදලක් සහ සහතික පත් ප්‍රධානය කිරීමට ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනය පියවර ගෙන තිබේ. 74 වැනි ජාතික අයෝමය පුරුෂායා වෙනුවෙන් කුසලානය සහ මුදලින් රුපියක් ලක්ෂ දෙකහමාරක මුදලක් ද අනුශූරතාවට කුසලානය සමඟ මුදලින් රුපියල් ලක්ෂ එකහමාරක මුදලක් ද පිරිනැමෙයි. තරගාවලියේ තෙවැනි ස්ථානයට කුසලානය සමගින් මුදලින් රුපියල් ලක්ෂයක මුදලක් පිරිනැමෙයි. එමෙන්ම තරගාවලිය නියෝජනය කරන බරපන්ති 07න් පළමු ස්ථානය ජයගන්නා ජයග්‍රාහකයන් වෙනුවෙන් එක් එක් බරපන්තියට අදාළව පදක්කම්, සහතික පත් සහ මුදලින් රුපියල් 10,000ක් ප්‍රදානය කිරීමට සංවිධායක මණ්ඩලය පියවර ගෙන ඇත.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment