මොංගෝලියාවට ඉන්දියාව බුදුන් වහන්සේගේ කපිලවස්තු සර්වඥ ධාතූන් වහන්සේලා වැඩම කරවයි

653

වසර 29කට පසු මොංගෝලියාවට බුදුන් වහන්සේගේ කපිලවස්තු සර්වඥ ධාතූන් වහන්සේලා වැඩම කරවීමට ඉන්දියාව කටයුතු කර ඇත.ඒ පිලිබදව මොංගෝලියානු පාර්ලිමේන්තු මන්ත්‍රී බස්තු එන්ක්බායාර් මහතා ඉන්දීය රජයට ප්‍රණාමය පුද කරයි.ධාතූන් වහන්සේලා සිව් නමක් වැඩමකොට සිය ජනතාවට වන්දනා මාන කිරීමට අවස්ථාව ලබා දීම තම රටේ බෞද්ධ ජනතාවට කට උතුම් ගෞරවයක් ලෙස සලකන බවද පවසයි. මොංගෝලියාවට මීට පෙර ධාතූන් වහන්සේලා වැඩම කරවීමට පියවර ගෙන තිබුණේ 1994 වසරේදීය. මොංගෝලියාව කොමියුනිස්ට් රටක් බවට පත්වීමෙන් පසු ඉන්දියාව මෙවැනි අවස්ථාවක් උදාකර දීම ගැන තමා රටවැසියන් වෙනුවෙන් සිය ගෞරවාන්විත ප්‍රණාමය පුද කරන බව ද ඔහු සදහන් කරයි.මෙම ධාතූන් වහන්සේලා එරට බට්සගාන් විහාරයේදී දින 11ක්පුරා මහජන ප්‍රදර්ශනයට තබා ඇත.ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා මොංගෝලියාවේ සිදුකළ සංචාරයකින් පසු දෙරට අතර පවතින සංස්කෘතික හා අධ්‍යාත්මික මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කරගැනීම සදහා මෙම ධාතූන් වහන්සේලා එරටට වැඩම කරවීමට පියවර ගන්නා ලදී.

advertistmentadvertistment
advertistmentadvertistment