යහපාලන නඩය අපේ රට විනාශ කළා – මහාචාර්ය රංජිත් බණ්ඩාර (ශ්‍රීලපොපෙ)

68

යහපාලන ආණ්ඩු සමයේ දී මේ රට කිසිදු ආයෝජනයකට නුසුදුසු බව මෙරට ජර්මන් තානාපතිවරයා පැවසූ බවත් මේ රට විනාශ කළේ යහපාලන නඩය බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ ඊයේ දින (28 දා) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා වැඩිදුරටත් මෙසේද පැවසුවේය.

“මහා භාණ්ඩාගාරයේ ලේකම්තුමත්, මහා බැංකුවේ අධිපතිතුමත් කිව්වා රට බංකොලොත් කියලා කිව්වේ නැහැ කියලා. දැන් මේ කාරණය සමාජගත වෙනකොට දවස් ගාණක් පාර්ලිමේන්තුවේ කෑගහපු සමහර පිරිස් කලබලවෙලා. දැන් කියනවා රට ණය ගොඩක හිරකලා තිබුණේ මහින්ද රාජපක්ෂ යුගය කියලා. මේ 2015 – 2019

යුගයේ ආණ්ඩුව කරපු ඒ යහපාලන නඩය රට කරපු විදිහ මතක්කරලා දෙන්න ඕන. මහින්ද රාජපක්ෂ මැතිතුමා 2015 දී ජනවරමට හිස නවලා එතුමා ගෙදර ගියා. 2014.07.09 දා අයි.එම්.එෆ්. එකෙන් කියනවා ශ්‍රී ලංකාව ආසියාවේ සංවර්ධනය වන රටවල් අතරින් සීග්‍රයෙන්ම වර්ධනය වන රටවල් වලින් එකක් බවට හඳුන්වා තිබෙනවා. නමුත් මේ යහපාලන ආණ්ඩුව අන්තිම කාලයේ මේ පිරිස් වැඳුම් පිදුම් කරන ජාත්‍යන්තර ශ්‍රේණිගතකිරීම් ආයතනයකින් කියනවා 2019 විදේශ මූල්‍යකරණය අවධානම් තත්වයකට පත්විය හැකි රටවල් අතරින් ශ්‍රී ලංකාව මුලට සිටි කියලා. යහපාලන ආණ්ඩුව කාලයේ සිටි ජර්මන් තානාතිපතිතුමා කියනවා එම සමයේ ශ්‍රී ලංකාව කිසිදු ආයෝජනයක් සඳහා සුදුසු නොවේ කියලා. මේ යහපාලන නඩය රට විනාශ කළ විදිහ. එදා මහින්ද රාජපක්ෂ මැතිතුමා රට භාරදෙනකොට ඒ අවුරුදු 11 ආර්ථික වර්ධනයේ සාමාන්‍ය වේගය 6.8% ක් තිබුණේ. මේ යහපාලන ආණ්ඩුව රට භාරදෙනකොට 3% ටත් අඩුවෙන් තිබුණේ. මේ යහපාලන නඩය කොහොමද රට කළේ කියලා තේරුම්ගන්න. යහපාලන නඩය එකතුවෙලා රටේ ආර්ථිකය හැකිලුවා.

මෙය ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තේරුම් අරගෙන තමයි දිරිගැන්වෙන සුළු බදු ප්‍රතිපත්තියකට යායුතුයි කියන ස්ථාවරයකට ආවේ. පහුගිය දවසක මා දැක්කා විපක්ෂයේ මන්ත්‍රිතුමෙක් කියනවා රට ණය උගුලක අහුකරලා යහපාලන නඩයට භාරදුන්නා කියලා චෝදනාවක් කරනවා මාධ්‍ය හමුවක් තියලා. එකම බොරුව දෙපාරක් සමාජ ගතකරන්න බැහැ. ඒ නිසා මේ මාධ්‍ය හමුවට ඇවිල්ලා වචන ගලපගන්න පුළුවන්කම තිබුණට මේ ඉලක්කම් පරිශීලනය කරන්න තරමට නොමේරු පිරිසක් බොරුව සමාජගත කරන්න උත්සාහ කරනවා. ඒ නිසා තව කාලයක් යනකොට මේ රටේ මහජනයාට තේරෙයි කවුද ඇත්ත කියන්නේ, කවුද බොරු කියන්නේ කියලා.

අපේ රටේ විපක්ෂ නායකතුමාගෙන් අහන්නේ ඔබතුමා බෙදීම හැර රට හදන සැලැස්මක් පිළිබඳව අපිට කියන්න කල්පනාවක් නැත්ද? මේ රට ඔබතුමාගේ වගේම අපෙත් රට. බෙදලා රටක්

ගොඩදාන්න පුළුවන්නම් මේ රට ගොඩදාන්න තිබුණේ හාල් සේරු දෙක නොමිලේ දුන්න කාලයේ. බඩකට පුරවලා නම් මේ රට ගොඩදාන්න පුළුවන්කමක් නැහැ. අපි දැක්කා ඔබතුමා බස් බෙදනවා, ස්මාට් පංතිකාබර බෙදනවා. ඔබතුමා තව මොනවා, මොනවා බෙදයිද දන්නේ නැහැ. අධ්‍යාපනය කියන්නේ අතිශය සංවේදි විෂයක්. ඒ නිසා අධ්‍යාපනය ජාතික ප්‍රතිපත්තියක් වෙනවා මිසක් මේ රටේ දේශපාලඥයන්ට ඕන ඕන විදිහට හසුරුවන්න පුළුවන් එකක් නොවේ. ඒ නිසා සමහර අවස්ථාවලදි විපක්ෂ නායකතුමා හිතනවා ඇති මේ සංවේදි විෂය හැසිරවුවොත් ඔබතුමා ඉදිරි ජනාධිපතිවරණයකදී විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබයි කියලා. එහෙම වෙන්නේ නැහැ. මේ රටේ මිනිස්සු මේ නොමිලේ දෙන දේවල් පිළිබඳව හොඳ අවබෝධයෙන් කටයුතු කරන්නේ.
එරික් ගාමිණී ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment