යාපනයේ ඩෙංගු පැතිරීම සොයා බලන්න කොළඹින් විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක්

33

යාපනයේ ඉතා ශීඝ්‍රයෙන් ඩෙංගු රෝගය පැතිරීමට හේතුව සොයා බැලීම පිණිස කොළඹ සිට විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් යාපනයට පැමිණ සිටිති.

එම පිරිස යාපනයේ ඩෙංගු රෝගීන් වැඩිම පිරිසක් හමු වූ කෝපායි ප්‍රදේශයේ සංචාරය කරමින් යාපනයේ ඩෙංගු රෝගය ඉතා ශීඝ්‍රයෙන් පැතිර යෑම කෙරෙහි බලපා ඇති හේතු විමර්ශනය කරණු ලබයි.

මේ වන විට යාපනයෙන් ඩෙංගු රෝගීන් 6000 ක් පමණ හමු වී ඇති අතර ඔවුන්ගෙන් 90 % ක්ම යාපනය දිස්ත්‍රික්කයෙන් පිටට ගොස් නැති පිරිසකි.

යාපනයේම රැඳී සිටි පිරිසට ඩෙංගු රෝගය වැළඳී ඇත්තේ යාපනයෙන්ම නිසා මේ පිළිබඳව ඉතා දීර්ඝ වශයෙන් පරීක්ෂණ සිදු කිරීමට කොළඹ සිට විශේෂඥ වෛද්‍යවරු පිරිස යාපනයට පැමිණ සිටිති.

කොළඹ සිය යාපනයට පැමිණ යාපනයේ ඩෙංගු රෝගය පිළිබඳව පරීක්ෂණ පවත්වන විශේෂඥ වෛද්‍ය කණ්ඩායමට උතුරු පළාත් සභාව හා උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය පූර්ණ සහයෝගය ලබා දී තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment