යුකේ‍්‍රනයේ ශ‍්‍රී ලාංකිකයින්ගේ අලුත්ම තොරතුරු

281


ශ්‍රී ලංකා රජය යුක්රේනයේ පවතින වාතාවරණයේ වත්මන් ප්‍රගතිය සමීපව නිරීක්ෂණය කරමින් සිටිට බවත් ඒ අනුව අන්කාරා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය යුක්රේනයේ වෙසෙන සිසුන් දහහතර දෙනෙකු ඇතුළු හතළිහකට අධික ශ්‍රී ලාංකිකයන් පිරිසකගේ ආරක්ෂාව සහ සුභසාධනය තහවුරු කිරීමේ අරමුණින් ඔවුන් සමඟ සමීපව කටයුතු කරමින් සිටින බවත් විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
යුක්රේනයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් දහහතර දෙනාගෙන් හය දෙනෙකු තාවකාලිකව රට හැර ගොස් ඇති අතර අන්කාරා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉතිරි සිසුන් අට දෙනා සමඟ සමීප සම්බන්ධතා පවත්වන බවද සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment