රූපවාහිනිය -අයි ටී එන් විකාශය නවතියි

294

රූපවාහිනිය දැන් අපේ අතේ  අරගලකරුවෝ රූපවාහිනියෙන්ම කියති

 ජාතික රූපවාහිනියේ හා ස්වාධීන රූපවාහිනියේ විකාශන කටයුතු ඊයේ (13දා) දහවල් හදිසියේ කෙටි වේලාවකට ඇනහිටියේය.

 ජාතික රූපවාහිනි ආයතන ආසන්නයට අරගලකරුවන් විශාල පිරිසක් පැමිණ උද්ඝෝෂණයක නිරත වූ අතර අරගලකරුවන් කිහිප දෙනකු රූපවාහිනි පරිශ්‍රයට ඇතුල් වී පාලනාධිකාරිය සමග සාකච්ඡා කර තිබේ.

 ඒ අනුව අරගලකරුවෝ දෙදෙනෙක් සජීවී සම්මුඛ සාකච්ඡාවකට එක්ව රූපවාහිනි ආයතනය අරගලකරුවන් යටතට පත්ව ඇති බව සඳහන් කළහ. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔවුහු දෙදෙනා මෙසේ ද කීහ.

 කැලුම් අමරසිරි මහතා දින අනූ ගණනක් අපි අරගලයේ හිටියා. ඉන්ධන ආදී හැම පෝලිමකම මිනිස්සු මැරුනා. අපි නියෝජනය කරන්නේ අරගලයයි. පරණ ප්‍රවෘත්ති කියමින් ආණ්ඩුව සුරතල් කරමින් රූපවාහිනිය ගියේ. මේවා මහජනතාවට අයිති දේපළ. මහජනතාවට අවශ්‍ය දේ කළ යුතුයි. මහා අරගලයක් ජනතාව කළා. වෙඩි පහර කෑවා. තුවාල වුණා. මෙතන හිටපු අය හොඳ උගත් බුද්ධිමත් අය. ජාතික රූපවාහිනිය ප්‍රවෘත්ති දානවා බැරියර්වල සෙනඟ නැති රූප අරගලය වැටිලා තියෙනවා. දේශපාලනය පත්තියන් වෙලා. ඒ සමස්ත අරගලකරුවන් වෙනුවෙන් මාධ්‍ය සදාචාරය රකින්න ඕන. අද සිට මාලිගා කුමන්ත්‍රණවලට අසු නොවිය යුතුයි. දිගටම ජනතාව වෙනුවෙන් රූපවාහිනිය කටයුතු කළ යුතුයි. අපි හැමෝගෙම රට මේක. ජීවත්වන මාතාව වෙනුවෙන් කටයුතු කරන්නේ. මේ ලෝකයේ සියලුම අය වෙනුවෙන් මේ අපි ක්‍රියාකරන්නේ. රනිල්ගේ පුස්තකාලය ගිනිතැබීම ගැන කතා කරනවා. අපේ ජනතාවගේ කුස්සි ගිනිගත්තා. කවුරුවත් කතා කළේ නැහැ. මුළු ලෝක ඉතිහාසයේම රන් අකුරෙන් ලියවෙන අරගලයක් අපි කරන්නේ. මේ රටේ ජනතාව දුක් විඳින හැටි හිතන්න. ඒවා විකාශය කරන්න.

 මෙතැන් සිට ජාතික රූපවාහිනිය ජනතාව සතුයි. මෙතැන් සිට රූපවාහිනිය අරගලය හැර වෙනත් කිසිදු වැඩසටහනක් ක්‍රියාත්මක කළ නොහැකියි. ධනේෂ් අලි මහතා – ජාතික රූපවාහිනිය ස්වාධීන විය යුතුයි. කාටවත් අවශ්‍ය විදිහට වැඩ කරන්න බැහැ. අරගලකරුවන් මේක දැන් අත්පත් කර ගත්තා. අපි ප්‍රචණ්ඩව ක්‍රියා කළේ නැහැ. එක ගල් කැටයක් ගත්තෙ නැහැ. රූපවාහිනියේ පාලකයන් අපගේ වචනයට ඇහුම්කන් දුන්නා. ඊට ස්තුති කරනවා. ඉදිරියට මේ සිස්ටම් එක වෙනස් විය යුතුයි. කවුරුත් නායකයන් කරන්න අපට වුවමනා නැහැ. නායකයෝ මේ අරගලයේ නැහැ. අරගලය නිර්පාක්‍ෂිකයි. ජනතාවගේ මතයෙන් වැඩ කරන අරගලයක්.

advertistmentadvertistment
advertistmentadvertistment