රෝග පීඩා රැසකට බලපාන භූ කම්පන

168

මේ වනවිට ලොව පුරා භූකම්පන රැසක්ම සිදුවූ අවස්ථා දිනපතා වාර්තා වන්නට විය. මෙවැනි භූකම්පන හමුවේ අප බියට පත්වන්නේ නැවත සුනාමි තත්ත්වයක් ඇතිවේ යැයි සිතමිනි.

මහා ඍෂි නාඩි වෛද්‍යවරුන්ට අනුව පොළොව යනු බහිරවයාට අයත් සම්පතකි. බහිරවයා යනු මිනිසාට බොහෝ විපත් ගෙන දිය හැකි අයෙකි. එනිසා ඔහු නිතරම අක්‍රියව තැබිය යුතුය. එනම් නිද්‍රාශීලීව තැබිය යුතුය. බහිරවයාගේ අවදිවීමත් සමග සිදුකරන ක්‍රියා නිසා අපට බොහෝ රෝග පීඩා ගෙන දේ. විශේෂයෙන් ම වසංගත රෝග හා මානසික රෝග ඇති කරයි. මහා ඍෂි නාඩි වෛද්‍යවරු පවසන ලෙස බහිරවයා සිදු කරන ප්‍රධාන ක්‍රියාව වන්නේ පොළොව සෙලවීමය. එවිට ඉන් ඇතිවන විපර්යාසය නිසා අපගේ අමන නාඩිය කම්පනයට පත්වේ. එසේ වීමෙන් අප තුළ අධික කෝපය මතුවේ. එවිට සිත තුළ දරුණු සිතුවිලි පහළ වේ. මිනිසුන් කපා කොටා දැමීම, මරණයට පත්කිරීම ආදී ක්‍රියාවන් සිදුවන්නේ එනිසා බව මහා ඍෂි නාඩි වෛද්‍යවරු සඳහන් කර තිබේ.

වර්තමානයේ අපට නිතර අසන්නට ලැබෙන ඝාතන, සිදුවීම්, පහර දීම් ආදියට එක් හේතුවක් වී ඇත්තේ බාහිර බලපෑම් ලෙස සැලකිය හැකිය.

මීට අමතරව පොළොව කම්පනය නිසා සිදුවන තරමක වෙනස්වීම් අනුව අපගේ ඇසට නොපෙනෙන ජීවීන් සක්‍රීය වේ. අතීතයේ දී මෙවැනි රෝගවලට පැවසුවේ දෙවියන්ගේ ලෙඩ ලෙසිනි. වර්තමානයේ බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව පවසන වෛරස, බැක්ටීරියා රෝග යනු එම දෙවියන්ගේ ලෙඩ කිහිපයකි. එනම් පැපොල, සරම්ප, ඩෙංගු, මැලේරියාව ආදී රෝග අතීතයේ දී මිනිසුන්ට වැළඳුනවිට දෙවියන්ගේ ලෙඩ යැයි පවසා අන් අයගෙන් හුදකලා කර තැබීය. ආහාර පාන ද තෝරා බේරා ලබාදුනි. තෙල් සහිත කෑම ආහාරයට දුන්නේ නැත. ඒවා ඇතැම් ආහාර ලෙස සඳහන් කර ඇත.

මේ සඳහා වර්තමානයේ විද්‍යාත්මකව තහවුරු කර ඇත්තේ වැඩි දින ගණනක් විවේකීව සිරුර වෙහෙසවන්නේ නැතිව සිටින විට තෙල් සහිත බර ආහාර ගැනීම අහිකර බවය. ඉන් සිරුරේ කොලෙස්ටරෝල් අධිකව තැන්පත්වීම, අධි රුධිර පීඩනය ඇතිවීම, තරබාරුවට පත්වීම ආදිය සිදුවන බව තහවුරු කරගෙන ඇත.

එනිසා මෙවැනි අවස්ථාවක දී ආහාරයට ගැනීමට නියම කරනු ලබන්නේ පතෝල, වැටකොලු, දිය ලබු, පලාවර්ග එළවළු ආදියයි. මේවායේ ඇති සිරුරට අහිතිකර නොවන පෝෂණය මගින් සිරුරේ ප්‍රතිශක්තිය වර්ධනය කරයි.

රෝගියා හුදලා කර ගැනීමෙන් අන් අයට රෝගය වැළඳීමේ ඇති ඉඩකඩ අහුරයි.

එනිසා වර්තමානයේ දියුණු සමාජයට ජීවත්වන අප සෑම දෙයක්ම තක්සේරු කර ඇත්තේ මුදලට සහ බටහිර ආකල්පයට අනුවය. වෛද්‍ය ප්‍රතිකාර අංශයෙන් බටහිර වෛද්‍ය ක්‍රමය ඉතා ඉහළ දියුණුවක් ලබා ඇති බව පිළිගත යුතුය. නමුත් වසර දහස් ගණනක් සිට පැවත එන වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම අතහැර නොදැමීම ද නොකළ යුතුය. එනිසා එවැනි වෛද්‍ය ක්‍රමවල පවසා ඇති උපදෙස් ද පිළිපැදීමෙන් අපට බොහෝ රෝග පීඩාවන් ගෙන් වැළකී දිගු කාලයක් නිරෝගීව ජීවත්විය හැකිය.

එනිසා ගහකොළ, සතා සිව්පාවා, වන වදුල විල, පොකුණු, පොක්කනිය, කඩිත්ත, ඇළ, දොළ, ගංගා අපිරිසිදු නොකර ආරක්ෂා කර ගැනීම සිදු කළ යුතුය. වෙරළු, දං, මාදං, ලාවුළු, කටු ආනෝදා, ජම්බු, පේර, සියඹලා වැනි පලතුරු වර්ග නිතර ආහාරයට ගත යුතුය. එවිට සිරුරේ ප්‍රතිශක්තිය වර්ධනය වේ. සිරුට අහිතකර ලෙස සිදුවන පරිසර දූෂණය ද වළක්වා ගත හැකිය.

වැඩි විස්තර සඳහා දුරකතන අංක 077- 6500677 ඇමැතිය හැකිය.

රෝග පීඩා රැසකට බලපාන භූ කම්පන

අගුලාන දුම්රියපොළ පාර ලියන්වෙල ඍෂි නාඩි මධ්‍යස්ථානයේ ඍෂි නාඩි වෛද්‍ය මහාචාර්ය
වෛද්‍ය ජිනසිරි ලයන්වෙල
සංස්කරණය – උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment