ලක්ෂ 25හේ මෝටර් රථයේ පැටිකිරිය

381

නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කර ව්‍යාජ ලිපි ලේඛන සකසා ලක්ෂ 70ක් පමණ වටිනා මෝටර් රථයක් ලක්ෂ 25කට පමණ අලෙවි කිරීමට උත්සාහ කළ බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙක් මෝටර් රථයද සමඟ වලාන දූෂණ මර්දන ඒකකය අත්අඩංගුවට ගෙන ඇත.

රථය පරීක්ෂා කිරීමේදී අනාවරණය වී ඇත්තේ මෝටර් රථයේ චැසි අංකය වෙනස් කර ඒ සඳහා ව්‍යාජ ලේඛන සකස් කර ඇති බවය.
මෝටර් රථයට ව්‍යාජ අංක තහඩුවක් යොදා ඇති අතර එය කඩවත ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ මෝටර් රථයක අංක තහඩුවක් බවටද හෙළිවී තිබේ.
සැකකරු සතුව තවත් වාහන කිහිපයක් ඇති බවද පොලීසියට අනාවරණය වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment