ඡන්දය තියන්නේ නැත්නම් පනතකින් අහෝසි කරන්න

102

පළාත් පාලන මැතිවරණය නියමිත කාලය අනුව පවත්වන්නේ නැත්නම් දැනට ප්‍රකාශයට පත් කර ඇති මැතිවරණය පාර්ලිමේන්තු පනතකින් අහෝසි කරන ලෙස මැතිවරණ කොමිසමේ සභාපති නිමල් ජී. පුංචිහේවා මහතා රජයෙන් ඉල්ලා සිටියි.

මැතිවරණය ප්‍රකාශයට පත් කර ඇති නිසා අපේක්ෂකයන් වී සිටින රාජ්‍ය සේවකයන්ට තව කොපමණ කාලයක් රාජ්‍ය සේවයෙන් ඉවත් වී සිටීමට සිදුවේද? අපේක්ෂකයන් අදාළ වසමේ සේවය කරයි නම් ඔහුගේ හෝ ඇයගේ බිරිඳ හෝ ස්වාමි පුරුෂයා මේ වනවිට වෙනස් වසමක රාජකාරි ආවරණය සඳහා යොමු කර ඇති බවත් එවැනි අයට එම වසම්වල තව කොපමණ කාලයක් මෙම තත්ත්වය යටතේ සේවය කිරීමට සිදුවේද ආදී වශයෙන් ගැටලු පැනනැඟී ඇති බවත් ඒ මහතා කීවේය.

එම නිසා මැතිවරණය නොපවත්වන්නේ නම් ශ්‍රේෂ්ඨාධිකරණය ද දැනුවත් කර පාර්ලිමේන්තු පනතකින් දැනට ප්‍රකාශයට පත් කර ඇති මැතිවරණය අවලංගු කිරීමට ආණ්ඩුවට පියවරක් ගත හැකි බව ද පුංචිහේවා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment