ලබන මහ කන්නයේ දී පොහොර වලට මුදල් දෙන හැටි

1477


ලබන මහ කන්නයේ දී සියලු‍ම ගොවීන්ට පොහොර මිල දී ගැනීම සඳහා වවුචර්පත් වෙනුවට ගොවි ගිණුම්වලටම මුදල් නිකුත් කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව ගොවි ජනතාවට තම කැමැත්ත පරිදි පුද්ගලික අංශයෙන් හෝ රජයේ පොහොර සංස්ථාවන් මගින් රසායනික පොහොර හෝ කාබනික පොහොර මිල දී ගැනීමට පිළිවන.
එසේම එළැඹෙන 2023/24 මහ කන්නයේ දී තවත් එක් රසායනික පොහොර වර්ගයක් නොමිලයේ ‌ වී වගා කරන ගොවි ජනතාවට ලබා දීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment