ලිට්‍රෝ ගෑස් 12.5නට රු. 271කින් පහළට

84

කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 271 කින් ඊයේ (05 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමූ බවත් ඒ අනුව එහි නව මිල රුපියල් 4280ක් බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා “දිවයිනට” ට පැවැසීය.

එමෙන්ම කිලෝග්‍රෑම් 5 ලිට්රෝ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 107 කින් පහත දැමුූබවත් ඒ අනුව එහි නව මිල රුපියල් 1720ක් වන බවත් හෙතෙම කියා සිටියේය. එසේම කිලෝග්‍රෑම් 2.5ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් රුපියල් 48කින් පහත දැමූ බවත් ඒ අනුව එහි නව මිල රුපියල් 80 ක් වන බවත් හෙතෙම සඳහන් කළේය. ලෝක වෙළෙඳ පොලේ ගෑස් මිල තවත් පහළ යන්නේ නම් රටේ පාරිභෝගිකයා වෙනුවෙන් ගෑස් මිල පහත දමන බවද ඒ මහතා වැඩිදුරටත් කීය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, ප්‍රභාත් විතාන, සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment