ලොක්කො පොලු තියපු බිලියන 39ක විදුලි බිල් ජනතාවට පටවලාද – ඕමල්පේ සෝභිත හිමි

148

මැති ඇමැතිවරුන්ගෙන්, ආයතනවලින් සහ දේශපාලන හිතවතුන්ගෙන් විදුලිබල මණ්ඩලයට අයකර ගත යුතුව ඇති රුපියල් බිලියන 39 ක මුදල වහාම අයකර ගැනීමට ක්‍රියා නොකර එහි බර නැවත වරක් ජනතාව පිට පැටවීමට ක්‍රියාකිරීම පිළිකුලෙන් යුතුව හෙළා දකින බව රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ ‘දිවයින’ට ප්‍රකාශ කළහ.

මාස 04 කට ප්‍රථම 300%ත් – 500 ත් අතර මුදලකින් විදුලි බිල ඉහළ දමා ජනතාවට ‘කරන්ට් වැද්දවූ’ ආණ්ඩුව ලබන වසරේදී යළි විදුලි බිල ඉහළ දැමිය යුතු බවටත් එසේ නොමැති නම් පැය 06 ක් විදුලිය කපා දමන බවටත් කරනු ලබන ප්‍රකාශ සෑම අතකින්ම බංකොළොත්භාවයට පත්ව ඇති රටක ජනතාව භීතියට පත් කරවන්නක් වී ඇතැයිද උන්වහන්සේ සඳහන් කළහ.

‘මේ බිල් වැඩි කිරීම නීති විරෝධී ලෙස ක්‍රියාත්මක කිරීමට යෑමක් බවත් එය නිසි ක්‍රමවේදයන් උල්ලංඝනය කිරීමක් බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා සෘජුව කළ ප්‍රකාශය අපි අගය කරනවා. රජයේ මේ ක්‍රියා මාර්ගවල කිසිදු සමාජ සාධාරණයක් නැහැ. සහන දිය යුතු රටක පීඩනය ලබාදීම දැඩි කනගාටුවට කරුණක් යැයිද ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ වැඩිදුරත් කියා සිටියහ.
සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment