ලොරියක් පෙරළී දෙදරු පියෙක් මරුට

96


කොටගල – දිඹුල පතන පොලිස් වසමට අයත් රාවණාගොඩ – විජයබාහුකන්දල මැදගමමැද්ද ප්‍රදේශයේදී ලොරි රථයක් මාර්ගය හරහා ඊයේ රාත්‍රීයේ පෙරළීයාමෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි දිඹුලපතන පොලීසිය පවසයි.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රාවණාගොඩ ප්‍රදේශයේ පදිංචි හැටන් ලංගම ඩිපෝවේ කොන්දොස්තරවරයෙකු ලෙස සේවය කරනු ලබන පී. ජගත් ජයනන්ද බණ්ඩාර නැමැති 48 හැවිරිදි දෙදරු පියෙකි.
හැටන් සිට මැදගමදැද්ද ප්‍රදේශයේ නිවසක් ඉඳි කිරීම සඳහා වැලි සහ සෙවිලි තහඬු තොගයක් පටවාගෙන යමින් සිටියදී ලොරි රථය මාර්ගයේ ඉහළට ගොස් යළි ආපසු පසුපසට ධාවනය වී රියදුරාට පාලනය කර ගැනීමට නොහැකිව මෙසේ පාර හරහා පෙරළී ගොස් ඇති බවට පොලීසිය විසින් සිදු කරන ලද මුලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment