කැනඩාවේ කොරෝනා නීතිවලට විරුද්ධ ට‍්‍රක් රථ රියැදුරන්ගේ නායකයන් අත්අඩංගුවට  

115

කොරෝනා මර්දන නීති රීතිවලට එරෙහිව කැනඩාවේ අගනුවර වන ඔටාවා නගරයේ විරෝධතා පවත්වමින් සිටින ට‍්‍රක් රථ රියැදුරන්ගේ නායකයන් දෙදෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

තමරා ලීච් හා ක‍්‍රිස් බාබර් යන දෙදෙනා මෙසේ පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර ඔවුන්ට එරෙහිව සාපරාධී නීතිය යටතේ ක‍්‍රියා කරන බව පොලිසිය පවසා තිබේ. ඔටාවා නගරයේ දේශ සීමා හුවමාරු ස්ථානවල පැවැත්වුණු ට‍්‍රක් රථ රියැදුරන්ගේ සෙසු විරෝධතාවන් මර්දනය කර ඇති පොලිසිය තමන් එම විරෝධතා සම්පූර්ණයෙන් මර්දනය කිරීමට ආසන්න වෙමින් සිටින බව මාධ්‍යයට පවසා තිබේ. කොරෝනා නීතිවලට විරෝධය පාන ට‍්‍රක් රථ රියැදුරන් මැ`ඩලීම සඳහා කැනඩාව මේ වන විට හදිසි නීතිය පනවා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment