ලෝක කුසලාන ලෝක සවාරිය අරඹයි

557

බටහිර ඉන්දීය කොදෙව් දූපත් හි සහ ඇමරිකාවේ දී පැවැත්වීමට නියමිත 2024 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශූරයන්ට පිරිනමන ලෝක කුසලාන මේ වනවිට ලෝක වටා සංචාරය ආරම්භ කර ඇත.

ඒ අනුව ලෝක කුසලාන ඊයේ පළමු වරට නිව්යෝර්ක් සිට සංචාරය අරඹා තිබෙන අතර ඊට සමගාමීව නිව්යෝර්ක් හි එම්පයර් ගොඩනැඟිල්ල ආලෝකවත් වී තිබුණි.

මෙම අවස්ථාව සඳහා හිටපු සුපිරි බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක සහ දෙවතාවක් ලෝක කුසලාන දිනූ කණ්ඩායමේ සාමාජික ක්‍රිස් ගේල් සහ ඇමරිකා ක්‍රීඩක අලි ඛාන් එක්ව සිටියහ.

ඇමරිකාවේ දී අයි.සී.සී තරග ඉසව්වක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වේ.

2024 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ජුනි 1 වැනි දින ආරම්භ වීමට නියමිත වේ.

advertistmentadvertistment
advertistmentadvertistment