වතුකරයේ තරුණ තරුණියෝ 9ක් චොලන් ලෝක වාර්තා පොතට

40

පැය 24 ක් අඛණ්ඩව නර්තනයේ යෙදෙමින් ඉන්දියාවෙන් ක්‍රියාත්මක කරන චෝලන් ලෝක වාර්තා පොතට එක්වීමට වතුකරයේ තරුණයෝ 07 දෙනෙක් සහ තරුණියෝ දෙදෙනෙක් ඊයේ (31) දින සමත් වූහ.

හපුතලේ, ලිදුල මෙරායා, ආගරපතන, මීගමුව සහ ඩයගම යන ප්‍රදේශවල පදිංචි මෙම තරුණ තරුණියන් පිරිස වයස අවු 16 – 26 වයස් කාණ්ඩවල පසුවන අය අතර, එම 09 දෙනා හැටන් ප්‍රදේශයේ නර්තන පුහුණු ආයතනයක පුහුණුව ලැබූ පිරිසක් බව එම වාර්තාව පිහිටුවීම සංවිධානය කළ පිරිස කියා සිටිති.

චෝලන් ලෝක වාර්තා පොතේ මෙරට නියෝජිත සී. නාගවාණි රාජා මහතාගේ අධීක්ෂණය යටතේ 30 වැනිදා උදෑසන 8 සිට ඊයේ (31 දා) උදෑසන 8 දක්වා පැය 24 ක කාලයක් හැටන් ඩන්බාර් ක්‍රීඩාංගණයේ ක්‍රීඩා සංකීර්ණයේ එම තරුණ තරුණියෝ පිරිස සිය නර්තනයන් ඉදිරිපත් කළහ.

නර්තනයේ යෙදී සිටි තරුණ තරුණියන්ට කොටස් වශයෙන් විවේක ගැනීමට සහ ආහාර අනුභව කිරීමට සුළු විවේක කාලයක් ලබා දීමට චෝලන් අධීක්ෂණ කමිටුවේ නිලධාරීහු කටයුතු කළහ.

වතුකරයේ තරුණ තරුණියන් 09 දෙනකු නර්තනයෙන් පිහිටුවු ලෝක වාර්තාව පිහිටුවීම දැක බලා ගැනීමට එම තරුණ තරුණියන් ඥාතීන් ඇතුළු විශාල පිරිසක් පැමිණ සිටියහ.

නුවරඑලිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment