වෙඩි වැදුණු සීතාගේ බඩ ඉදිමෙයි

356

මහියංගනය රජමහා විහාරයේ පෙරහැර මංගල්‍යයට රැගෙනවිත් සිටියදී වෙඩි ප්‍රහාරයකට ලක්වූ ‘සීතා’ ඇතින්නගේ උදර ප්‍රදේශය ඉදිමීමට ලක්වෙමින් පවතින බව පේරාදෙණිය විශ්වවිiාලයේ පශු වෛi පීඨයේ වෛi මහාචාර්ය අශෝක දංගල්ල මහතා ‘දිවයින’ ට ඊයේ (11 දා) පැවසීය.

මේ වනවිට ඇතින්න නිදාගැනීමකින් තොරව සිටින බවත් ශරීරය තුළ පවතින යකඩ කැබලි 04 න් කිහිපයක් ඉවත් කිරීමට සිදුවනු ඇති බවත් හෙතෙම කීය. මේ සඳහා අධිකරණයේ අවසරය ලබාගැනීමට කටයුතු කරමින් සිටින බව ද දංගල්ල මහතා කීය.

ඇතින්නගේ ශරීරය තුළ තිබූ යකඩ කැබලි 03 ක් මේ වනවිට ඉවත්කර ඇති බවත්, ස්කෑන් පරීක්‍ෂාවේදී තවත් යකඩ වැනි කැබලි 04 ක් පමණ ශරීරයේ පවතින බවට හඳුනාගෙන ඇති බවත් ඒ මහතා කීය.

මෙම ඇතින්න පෙරහැර මංගල්‍යයට රැගෙනවිත් ගඟ අසල ගසක බැඳ සිටියදී සිවිල් ආරක්ෂක භටයකු විසින් වන අලියකු යැයි සිතා ඇතින්නට වෙඩි තබා ඇති බවට වාර්තා වී තිබුණි.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment