වෛද්‍ය අධ්‍යාපනය බරපතළ බිඳ වැටීමකට ලක්වෙලා – සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

53

මෙරට වෛද්‍ය අධ්‍යාපනය රජය විසින් බරපතළ බිඳ වැටීමකට ලක්කර ඇතැයි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.

රාජ්‍ය වෛද්‍ය පීඨයන්ට අත්‍යවශ්‍ය පහසුකම් ලබානොදී මෙන් සහ පුද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීමට රජය මැදිහත්ව ක්‍රියා කිරීමෙන් මෙම තත්ත්වය උද්ගතව ඇතැයි එම සංගමයේ ලේකම්, වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා ඊයේ (11 දා) පැවැති මාධ්‍ය හමුවක දී සඳහන් කළේය.

මේ හේතුවෙන් ඉදිරියේ දී ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අවම ප්‍රමිතිය සපුරා ගැනීමට නොහැකි වුවහොත් සබරගමුව ඇතුළු වෛද්‍ය උපාධිවලට පිළිගැනීමක් නොමැති වීමට ඉඩ තිබෙන බවත් පැවසීය.

සබරගමුව වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඒකකය ස්ථාපිත නොකිරීම නිසා එහි ශිෂ්‍ය සායනික පුහුණුව ද මේ වනවිට බිඳ වැටී ඇතැයි වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment