වෛද්‍ය සැපයුම් අංශ තොරතුරු පද්ධතියේ මිලියන ගණන් සල්ලන් වෙයි-රවි කුමුදේශ්ගෙන් චෝදනාවක්

139

මිලියන ගණනාවක් වැය කරමින් වෛද්‍ය සැපයුම් අංශයට ස්ථාපිත කර ඇති ‘තොරතුරු පද්ධතිය’ ඉවත් කර තවත් මිලියන සියයකට වැඩි ‘නව තොරතුරු පද්ධතියක්’ ලබා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය චෝදනා කර සිටී.

අදාළ තොරතුරු පද්ධතියේ පවතින දෝෂ නිවැරදි තාක්‍ෂණය යොදා ගනිමින් අලුත්වැඩියාවට ලක්කර යාවත්කාලීන නොකර මෙලෙස බිලියන ගණනින් මහජන මුදල් නාස්ති කිරීම පිළිබඳව වහා විගණනයක් සිදුකළ යුතු බවද එම සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා ‘දිවයින’ට ඊයේ (29 දා) ප්‍රකාශ කළේය.

පසුගිය වසර පහ තුළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ස්ථාපිත කර තිබූ තොරතුරු පද්ධති කිසිවක් මේ වන විට සක්‍රීය තත්ත්වයේ නැතැයිද කී ඒ මහතා ඒවාට අවශ්‍ය යටිතල පහසුකම්, උපකරණ සහ උපාංගද මේ වන විට විනාශ වෙමින් පවතින බවද සඳහන් කළේය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment