තලෙයිමන්නාරමේ දැරියක් නිවස තුළම ගෙල වැලලාගෙන

97

මන්නාරම තලෙයිමන්නාරම එරුක්කලම්පිඩ්ඩි ප්‍රදේශයේ නිවසක් තුළ වයස අවුරුදු 13 ක පමණ දැරියක් ගෙල වැලලාගෙන සියදිවි නසාගෙන ඇති බව මන්නාරම පොලිසිය සදහන් කරයි.

ඉකුත් 12දා දැරිය මෙසේ ගෙල වැලලාගෙන ඇති අතර ඊට පෙර දැරිය නිවසේ නොමැති වීම සම්බන්ධයෙන් දැරියගේ දෙමවුපියන් මන්නාරම පොලිසියට පැමිණිල්ලක්ද සිදු කොට ඇති අතර එහිදී අදාළ දැරිය වවුනියාව ප්‍රදේශයේ ළමා නිවාසයකට ගොස් ඇති අතර පසුව ඉකුත් 11 දා දැරිය යළි එහි සිට නිවසට ගෙන්වා ගෙන තිබේ. දැරිය යළි ගෙන්වා ගැනීමෙන් අනතුරුව මෙසේ ගෙල වැලලාගෙන ඇති බව පොලිසිය මූලික විමර්ෂණවලින් අනාවරණය කරගෙන තිබේ. පසුව දැරියගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මනාරම රෝහලට ඇතුළත් කොට ඇති අතර මන්නාරම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.

මුලතිව් ප්‍රසන්න ප්‍රදීප්

advertistmentadvertistment
advertistmentadvertistment