කච්චතිව් යළි ඉන්දියාවට ගන්න තමිල්නාඩුවෙන් මට බලපෑම් – මෝදි කියයි

443

ඉන්දු – ලංකා සමුද්‍රීය ගිවිසුම යටතේ ශ්‍රී ලංකාවට ලබාදුන් කච්චතිව් දූපත යළි ඉන්දියාවට ලබාගන්නා ලෙස තමිල්නාඩු ප්‍රාන්ත රජය තමාට දිගින් දිගට ම බලපෑම් කරන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පවසා තිබේ.

කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට ලබාදීම සම්බන්ධයෙන් කොංග්‍රස් පක්‍ෂයට චෝදනා එල්ල කර තිබෙන මෝදි අතීතයේ සිට ම මේ දූපත දෙරටේ ම ධීවරයන් භාවිත කළ බවද කියා ඇත.

ඉන්දීය රජයට එරෙහිව ගෙන එනු ලැබූ විශ්වාසභංග යෝජනාව පිළිබඳව එරට පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් ඔහු මේ බව පවසා ඇත.

මෙවැනි තීරණගත් කොංග්‍රස් පක්‍ෂය ඉන්දීය භූමිය කැබලි කිරීමට ක්‍රියාකර ඇතැයි ද මෝදි චෝදනා එල්ල කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment