මැලේසියානු රජුගෙන් ජනපති රනිල්ට ආරාධනාවක්

86

මැලේසියාවේ නිල සංචාරයක නිරත වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත එරට රජු ආරාධනා කර ඇත.

ඇමෙරිකාවේ නිවුයෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා සමුළුවට සහභාගි වීමට ගොස් සිටින ජනාධිපතිවරයා ඊට සමගාමීව මැලේසියාවේ අගමැති අන්වර් බින් ඊබ්‍රහිම් මහතා පෙරේදා (20 දා) නිල වශයෙන් හමුවූ අවස්ථාවේ දී මෙම ආරාධනය දැනුම් දී තිබේ.

ඒ අනුව ජනාධිපතිවරයා ලබන වසරේ ජනවාරි හෝ පෙබරවාරි මාසයේදී මැලේසියාවේ සංචාරය කිරීමට සිය එකඟතාව පළ කර තිබේ.

ශ්‍රී ලංකාවේ ආයෝජන සඳහා තවදුරටත් සමාගම් යොමු කරවීමට මැලේසියානු අගමැතිවරයා උනන්දු වන බව පවසා ඇති අතර දෙරට අතර නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළැඹීම සම්බන්ධයෙන් ද ධනාත්මක ප්‍රතිචාරයක් දක්වා ඇත. ඒ අනුව මැලේසියාවේ විදේශ ඇමැතිවරයා ලබන මාසයේ කොළඹදී පැවැත්වෙන IORA සමුළුව සඳහා සහභාගි වීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment