ශ්‍රී ලංකාවේ කතකට ලොව ඉහළම තනතුරක්

1406

2022 ජූනි 23 වැනි දින නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධාන පරිශ්‍රයේ පැවති CEDAW සම්මුතියේ රාජ්‍ය පාර්ශ්වයන් හි 22 වැනි රැස්වීම අතරතුර පවත්වන ලද ඡන්ද විමසීමේ දී, ශ්‍රී ලංකාව නියෝජනය කළ මහාචාර්ය රංගිතා ද සිල්වා ද අල්විස් මහත්මිය,කාන්තාවන්ට එරෙහි සියලු ආකාරයේ වෙනස් කොට සැලකීම තුරන් කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුවේ2023-2026 කාල සීමාව සඳහාතේරී පත් විය.ඡන්ද විමසුම අතරතුරමෙම සම්මුතියේ රාජ්‍ය පාර්ශ්ව විසින්අපේක්ෂකයන් 23 දෙනෙකු අතරින් සාමාජිකයන් 12 දෙනෙකු සම්මුතියේ කාරක සභාව සඳහා තෝරාපත් කරගන්නා ලදී. මෙහිදී ඡන්ද 124ක් ලබාගත් ශ්‍රී ලංකාව, ඉහළම ඡන්ද සංඛ්‍යාවක් ලබාගත් පාර්ශ්ව අතර 5 වැනි ස්ථානයට හිමිකම් කියයි. කියුබාව, උගන්ඩාව, නයිජීරියාව, ඊජිප්තුව, ඊශ්‍රායලය, ස්පාඤ්ඤය, එස්ටෝනියාව, අසර්බයිජානය, බල්ගේරියාව, ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ සහ ජපානය යන රටවල් මෙලෙස තේරී පත්වූ අනෙකුත් රටවල් වේ.1981 වර්ෂයේ දී ශ්‍රී ලංකාව, කාන්තාවන්ට එරෙහි සියලු ආකාරයේ වෙනස් කොට සැලකීම තුරන් කිරීමේ සම්මුතියේ රාජ්‍ය පාර්ශ්වයක් බවට පත් විය.කාන්තාවන්ට එරෙහි වෙනස් කොට සැලකීම තුරන් කිරීම පිළිබඳ කමිටුව (CEDAW) යනු මෙම සම්මුතිය ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කිරීමට දායක වන, ලොව පුරා සිටින කාන්තා අයිතිවාසිකම් පිළිබඳ විශේෂඥයන් 23 දෙනෙකුගෙන් සුසැදි ස්වාධීන විශේෂඥයන්ගෙන් හෙබි ආයතනයයි.මහාචාර්ය රංගිතා ද සිල්වා ද අල්විස් මහත්මිය මේ වන විට ඇමරිකා එක්සත් ජනපදයේ පෙනිසිල්වේනියා නීති විද්‍යාලයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ සහකාර පීඨාධිපති සහ මානව හිමිකම් පිළිබඳ ගෝලීය ආයතනයේ අධ්‍යයන අධ්‍යක්ෂ ලෙස කටයුතු කරයි.එතුමිය කොළඹ විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී උපාධියක් ලබාගත් අතර, හාවර්ඩ් නීති විද්‍යාලයෙන් නීති ශාස්ත්‍රපති උපාධියක් සහ දර්ශන විශාරද උපාධියක්ලබාගත්තාය. තවද, CEDAW හි විෂය පථයට ඇතුළත් කරුණු පිළිබඳ විශේෂඥයකු වන එතුමිය, කාන්තාවන්ට සමාන නියෝජනයක් ලබා දීම වෙනුවෙන් පෙනී සිටීම සම්බන්ධයෙන් ගෝලීය වශයෙන් වසර 25 කට වැඩි පළපුරුද්දක් සතු නිලධාරිනියකි.

advertistmentadvertistment
advertistmentadvertistment