ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් අඹන්පොලට

73

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් – සිය අඹන්පොල පාරිභෝගික සේවා නියෝජිත කාර්යාලය (Agency Business Development Center) පසුගියදා අංක 6, අනුරාධපුර පාර, අඹන්පොල යන ස්ථානයේ දී විවෘත කරයි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනයේ ඉහළ කළමනාකාරීත්වය නියෝජනය කරමින් නාමලී ඒ. සිල්වා මහත්මිය නියෝජ්‍ය ප්‍රධාන අධිකාරී/අලෙවි සහ බෙදාහැරීමේ ප්‍රධානි (ජිවිත රක්ෂණ), ජගත් වෙල්ගම මහතා සහකාර සාමාන්‍ය අධිකාරී/ප්‍රධානි ජාතික විකුණුම් (ජිවිත)ල ගල්ගමුව ශාඛාවේ සේවක මණ්ඩලය, එම ප්‍රදේශයේ සම්භාවනීය ආරාධිත අමුත්තන් සහ පාරිභෝගිකයින් සහභාගී විය.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center) තුලින් පාරිභෝගිකයින්ට තව දුරටත් සමීපවෙමින් තම සේවා සැපයීමට අවස්ථාව සැලසෙන අතර, ඔවුන්ගේ සියලු‍ම රක්ෂණ අවශ්‍යතාවයන් පහසුවෙන් සහ වේගවත්ව සපුරා දීමට කටයුතු කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment