ශී‍්‍ර ලාංකිකයන් 40 ක් යුක්රේනයෙන් ඉවත් කර ගන්නවා – විදේශ කටයුතු අමාත්‍යාංශය

177

යුක්රේනයේ සිටින ශී‍්‍ර ලාංකිකයන් 40 දෙනකු යුක්රේන පෝලන්ත දේශසීමාව හරහා ඉවත් කර ගැනීමට කටයුතු කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

මේ සඳහා වෝර්සෝ සහ අන්කාරාහි පිහිටි ශී‍්‍ර ලංකා තානාපති කාර්යාල විසින් පහසුකම් සපයන බවත් එම පහසුකම් සැපයීම විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ශක්තිමත් කර ඇති බවත් පැවසේ.

සිසුන් දෙදෙනකු ඇතුළුව ආසන්න වශයෙන් ශී‍්‍ර ලාංකිකයන් 40 ක් පමණ යුක්රේනයේ සිටින බවත් ඔවුනට නැවත ශී‍්‍ර ලංකාවට පැමිණීමට අවශ්‍ය පහසුකම් සපයන බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

මේ අතර බෙලරූසයේ ද විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන 08 කට අධික සංඛ්‍යාවක ශිෂ්‍ය ශිෂ්‍යාවන් 1,556 ක් පමණ ඉගෙනුම ලබන බවත් ඔවුන් ද ඇතුළුව ශී‍්‍ර ලාංකිකයන් 1,600ක් පමණ පිරිසක් එහි සිටින බවත් පවසන විදේශ කටයුතු අමාත්‍යාංශය ඔවුන් සම්බන්ධයෙන් මොස්කව්හි පිහිටි ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලය කටයුතු කරන බවත් සඳහන් කරයි.

මොස්කව් තානාපතිවරයා එම විශ්වවිද්‍යාල බලධාරීන්, ශිෂ්‍ය කණ්ඩායම් සහ දෙමාපියන් සමග ද බෙලරූසයේ අනෙකුත් අදාළ ආයතන සමග ද සෘජුවම සම්බන්ධ වී ශී‍්‍ර ලාංකිකයන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය සම්බන්ධයෙන් කටයුතු කරන බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment