සංගීතවේදී නිමල් ජයකොඩි දිවි සැරිය නිමකරයි…

928

ප්‍රවීණ සංගීතවේදියකු, ගී තනු නිර්මාණකරුවකු හා ගේය පද රචකයකු ලෙස ප්‍රකටව සිටි ඔහු ප්‍රවීණ හා වත්මන් තරුණ පරපුර වෙත ගීත රැසක් නිර්මාණය කර ඇත. ඔහු ගුරු උපදේශකයකු සහ ගිරිඋල්ල කලාප සංගීත අධ්‍යක්ෂ පදවි හොබවා විශ්‍රාම ලැබූ අතර, සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයකු ලෙසද සේවය කර ඇත.

මියයන විට 61 වන වියේ පසුවූ ඔහු ඉපදී ඇත්තේ 1961 වර්ෂයේ අප්‍රේල් 02 වන දිනයි. ගීතානි සිරිවර්ධන මහත්මිය සමගින් විවාහව සිටි ඔවුනට, නිපුණ හා කාවින්ද්‍යා නමින් දූ දරු දෙපළකි. මොවුන් සියල්ලන්ම සංගීතය තම ආත්මය කරගත්තවුන් විය. ඔවුන් විසින් පවත්වාගෙන යනු ලැබූ “ගීතාංජනී සෞන්දර්ය ආයතනය” මගින් සමාජයට දයාද කළ සිසු – සිසුවියන් අති විශාලය.

ඔහු විසින් සංගීතවත් කළ ජනප්‍රිය ගී අතර නුඹෙ සුවඳ පිරුණ පුංචි කාමරේ, ගංගා ජලේ (විශාරද සංගීත නිපුන් සනත් නන්දසිරි), ප්‍රේමයට නිම් හිම්නැති, මාසේ පෝයදා (විශාරද දීපිකා ප්‍රියදර්ශනී), තුන් සිත එක් තැන් වෙලා (සෝමතිලක ජයමහ) සිසිවන උවනයි (ටී. එම්. ජයරත්න), තොල් කුසුමේ මල් මදහාසේ (රෝහාන් ශාන්ත බුලේගොඩ), පෙම්බර දේවී (චන්දන ලියනආරච්චි), අලුතින් කවියක් (කාවින්ද්‍යා ජයකොඩි), සඳ තිලක තියනවා (උදය ශාන්ත කුමාරසිංහ), අප්සරාවක ලෙස නොයිඳ (දිනේෂ් උදයසිරි), අම්මා අම්මා මගේ (කාවින්ද්‍යා – නිපුණ ජයකොඩි), බාඳුරාවී (චිත්‍රා පුෂ්පරාණි අල්විස්) ආදි ගී රැසක් විය.

ඔහුගේ දේහය අවසන් ගෞරව දැක්වීම සඳහා, (21) අද රාත්‍රියේ ‘ගීතාංජන සෞන්දර්ය ආයතනය, වලව්වත්ත, මාකඳුර, ගෝනවිල ලිපිනයේ පිහිටි නිවස වෙත ගෙන ඒමට නියමිතව ඇත. අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇත.

සටහන – ඇන්ටන් ජේ. ප්‍රනාන්දු

advertistmentadvertistment
advertistmentadvertistment