සංචාරකයන් ලක්‍ෂ 7 ක් ගිය වසරේ ලංකාවට ඇවිත්

81

වැඩිම පිරිස ඉන්දියාවෙන්

පසුගිය 2022 දෙසැම්බර් මාසයේ ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයන් ප්‍රමාණය 91,961 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

අධිකාරියේ නවතම දත්තවලට අනුව 2022 වසර තුළ මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය 719,978 ක් වේ. දෙසැම්බර් මාසයේ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ අසල්වැසි ඉන්දියාවෙනි. එම සංඛ්‍යාව 17,350 කි. 2022 සමස්ත වර්ෂය සැලකීමේදී වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ද ඉන්දියාවෙන් වන අතර එය 123,004 ක් වේ. එය වසර තුළ පැමිණ ඇති සමස්ත සංචාරක ප්‍රමාණයෙන් 17% කි.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment