සමලිංගික පනත ළමා අපයෝජකයන්ට ඉනිමඟක් – වෛද්‍ය වසන්ත බණ්ඩාර

316

සමලිංගික චර්යා සම්බන්ධයෙන් ගෙනෙන පනත මගින් ළමා අපචාර සිදු කරන පුද්ගලයන්ට නීතියෙන් ගැලවී යාහැකි තත්ත්වයක් උදාවන බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ජාතික සංවිධාන එකමුතුව විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදී පැවසීය.

එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.

“ජනතාව අර්බුදයට පත්වී තිබෙන මෙම මොහොත පාවිච්චි කරමින් ආණ්ඩුව නොයෙක් පනත් ගෙනවිත් සම්මත කර ගැනීමේ දැඩි උත්සාහයක නිරත වී සිටිනවා. ආණ්ඩුව සමලිංගික චර්යාවන් සම්බන්ධයෙන් ද පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස දණ්ඩනීති සංග්‍රහයට සංශෝධන පනතක් ගෙනවිත් තිබෙනවා. සමලිංගික චර්යාවන් මෙරට නීතියේ අපරාධයක් ලෙස සඳහන් වුවත් පසුගිය කාලයේ පොලිසිය අධිකරණ තීන්දුවක් අනුව දඬුවම් දීමෙන් වැළකී සිටියා.

සමලිංගික චර්යාවන් සම්බන්ධයෙන් ලෝකයේ වෙනත් රටවල්වල තිබෙන ආකාරයේ අමානුෂික පීඩනයක් මේ රටේ නැහැ. නමුත් එසේ තිබෙනවා කියා උපකල්පනය කරනවා නම් ඒ සඳහා 365 වගන්තියට සුළු සංශෝධනයක් එක් කිරීමෙන් එය කළ හැකියි. නමුත් මෙම පනත මගින් 365 ආ වගන්තිය සම්පූර්ණයෙන්ම ඉවත් කරනවා”

එම ඉවත් කිරීම නිසා ලෝකයේ ළමා අපචාර ප්‍රවර්ධනය කරන එකම රට බවට ශ්‍රී ලංකාව පත්වන බව පැවසූ වසන්ත බණ්ඩාර මහතා තවදුරටත් කියාසිටියේ මෙම පනත නිසා ළමා අපචාර සිදුකරන ඕනෑම අයෙකුට නීතියෙන් ගැලවී යා හැකි තත්ත්වයක් නිර්මාණය වන බවයි.
එරික් ගාමිණි ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment