සැඟවූ තෙල් අනුරාධපුරයෙන් අල්ලයි

335


අනුරාධපුර සිට ගල්කුලමට දිවෙන ඒ 13 ගුවන්තොටුපළ මාර්ගයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක සඟවා තිබෙන බවට ලැබුණු තොරතුරක් මත ඊයේ (20දා) සිදුකළ වැටලීමකදී එහි භූගත ටැංකි තුළ සඟවා තිබූ සුපර් ඩීසල් ලීටර් 5813 ක්, සහ පෙට්‍රල් ලීටර් 1540 සොයා ගැනීමට හැකිවූ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලය පවසයි.

අදාළ වැටලීමට ගිය පාරිභෝගික අධිකාරියේ විමර්ශන නිලධාරීන්ට ඉන්දන පිරවුම් හලේ කළමනාකාරීත්වය පවසා ඇත්තේ, කිසිදු ඉන්ධන වර්ගයක් තම පිරවුම්හල සතුව නොමැති බවයි. අනතුරුව අදාල ඉන්ධන පිරවුම් හලේ භූගත ඉන්ධන ටැංකි පරික්ෂා කල විමර්ශන නිලධාරීන්ට එහිදී තහවුරු කර ගැනීමට හැකි වූයේ භූගත ටැංකි තුළ සුපර් ඩීසල් සහ පෙට්‍රල් තොග පවතින බවය.

ඒ අනුව ඉන්ධන සඟවා ගෙන තිබීමේ චෝදනාව මත අදාළ ඉන්ධන පිරවුම්හලේ අයිති කාරිත්වය දරන දෙදෙනෙකුට සහ එහි කළමනාකරුට එරෙහිව ඉන්ධන සඟවා ගෙන තැබීමේ චෝදනාව මත නඩු පැවරීමටත් අවශ්‍ය ඉන්ධන සාම්පල සහ සැකකරුවන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීම විමර්ශන නිලධාරීන් විසින් එම ස්ථානයේදීම සිදු කලහ.

advertistmentadvertistment
advertistmentadvertistment