සෞඛ්‍ය සමිති වර්ජනය අවසන් දොස්තරලාගෙන් රතු එළියක්

206

පිළිගත් ප‍්‍රතිපත්ති සහ ක‍්‍රමවේදයන් මත නොසිට හෙද වෘත්තීය සමිති ඉල්ලීම් ලබාදීමට රජය කටයුතු කළහොත් වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගවලට අනිවාර්යෙන්ම අවතීර්ණ වීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප‍්‍රනාන්දු මහතා ඊයේ (06වැනිදා* ‘දිවයින’ට කියා සිටියේය.
 
 හෙද ඉල්ලීම්, වැටුප් කොමිෂන් සභාව වෙත යොමුකර ජාතික වැටුප් ප‍්‍රතිපත්තිය හා වැටුප් සම්පාදන ක‍්‍රමවේදය අනුව කටයුතු කළ යුතු බවට රජයට අවධාරණය කරන බව සඳහන් කළ වෛi සෙනාල් ප‍්‍රනාන්දු මහතා මෙය හුදෙක් හෙද විරෝධයක් හෝ හෙද හා අනෙකුත් කණ්ඩායම් අතර ගැටුමක් ඇති කරවන ඉල්ලීමක් නොව, පිළිගත් ප‍්‍රතිපත්තිය මත පිහිටා එය ආරක්ෂා කර ගැනීමට කරන ඉල්ලීමක් බවත් කීවේය.
 
 රජය මෙම ඉල්ලීමට කන් නොදුනහොත් අකැමැත්තෙන් වුවද වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගවලට අවතීර්ණ සිදුවන බවත් රට වැසියන් කොරෝනා වසංගතයේ හා ආර්ථික අර්බුදයෙන් පීඩා විඳින සමයක එවන් තත්ත්වයකට සිය සංගමය යොමු නොකර වැටුප් ගැටලූව, වැටුප් කොමිසම වෙත යොමුකර කැබිනට් අනුමැතියට යොමුකර විසඳුම් ලබා දෙන ලෙසත් හෙතෙම ඉල්ලා සිටියේය.
 
 ජාතික වැටුප් ප‍්‍රතිපත්තිය හා පිළිගත් ක‍්‍රමවේද අනුගමනය නොකරමින් හෙද වැටුප් ප‍්‍රශ්නය සෘජුව කැබිනට් මණ්ඩලයට යොමුකිරීමට උත්සාහ කිරීම තුළින් මුළු රාජ්‍ය සේවයම අර්බුදකාරී තත්ත්වයකට ඇද දමා ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප‍්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
 

 සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment