ජපන් කඳවුරක මියගිය තරුණිය බැලීමට පැමිණි වෛද්‍යවරයාව නොමග යවලා

304

ජපන් ආගමන විගමන කඳවුරේ රඳවා සිටි විශ්වා සඳමාලි නමැති ශී‍්‍ර ලාංකික තරුණිය අසනීපව සිටියදී ඇයව බැලීමට පැමිණි වෛiවරයාව ආගමන විගමන නිලධාරීන් විසින් නොමග යවා ඇතැයි මයිනිචි ජපාන් පුවත්පත හෙළිකර ඇත.
 
 නිසි ප‍්‍රතිකාර නොදීම හේතුවෙන් සඳමාලි මියගිය අතර ඒ ගැන පුළුල් පරීක්‍ෂණයක් දැන් සිදුවේ.
 
 විශ්වා සඳමාලි යහපත් සෞඛ්‍ය තත්ත්වයක පසුවන බවට ආගමන විගමන වෛද්‍යවරු තමාට පැවසුවේ යයි වෛද්‍යවරයා පරීක්‍ෂණ නිලධාරීන් හමුවේ ප‍්‍රකාශ කර ඇත. මෙම පරීක්‍ෂණයට මියගිය විශ්වාගේ සොහොයුරියන් වූ මයෝමි සහ පූර්ණිමාද සහභාගි වේ.

advertistmentadvertistment
advertistmentadvertistment