හදා වඩා ගන්න දරුවකු මිලට ගත් යුවළට අත්හිටුවූ සිර දඬුවම්

128

තමන්ට දරුවන් නොමැති නිසා රුපියල් 25,000ක මුදලක් ලබා දී මාස තුනක් වයසැති බිලිඳියක් මිලදී ගෙන හදාවඩා ගත් යුවළකට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා බරපතල වැඩසහිත වසර දෙකක සිර දඬුවමක් නියම කළේය.

විත්තිකරුවන් එකී චෝදනාවලට වරද පිළිගෙන සමාව අයැද සිටීම නිසා නීතිපතිවරයාගේ ද මතය විමසා එම සිරදඬුවම් ක්‍රියාත්මක කිරීම වසර දහයකට අත්හිටුවීමට ද නියම කළ විනිසුරු නාමල් බලල්ලේ මහතා විත්තිකරුවන්ට රුපියල් 20,000ක දඩයක් ද නියම කළේය. නීතිය නොදන්නාකමින් විත්තිකරුවන් එම වරද සිදුකිරීම මෙන්ම පෙරවැරදී නොතිබීම නිසා එලෙස ලිහිල් දඬුවම් නියම කෙරිණි.

2005 වසරේදී එම දැරියගේ පියා සහ තවත් කාන්තාවක එම දැරිය විත්තිකරුවන්ට අලෙවි කර තිබුණි. එකී විත්තිකරුවන් මේ වන විට මියගොස් ඇති බවත් පෙරකී විත්තිකාර යුවළ එම දැරිය ආදරයෙන් රැකබලා ගෙන ඇති බවත් අනාවරණය වී තිබිණි. දැරියගේ සැබෑ මව කළ පැමිණිල්ලක් අනුව එම නඩුව පවරා තිබුණි.
ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment