රුසියානු ආක‍්‍රමණය නිසා සිවිල් වැසියෝ 37ක් මරුට: විසි ලක්ෂයක් යුක්රේනයෙන් පැන යති

225

රුසියාව විසින් යුක්රේනය ආක‍්‍රමණය කිරීම ඇරඹූ ඉකුත් පෙබරවාරි 24 වැනිදා සිට මේ දක්වා වූ කාලයේදී සිවිල් වැසියන් 37 දෙනකු මිය ගොස් තවත් 50 දෙනකු තුවාල ලබා ඇති බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් ආයතනය විසින් නිවේදනය කර තිබේ. එම සංවිධානයට අනුව පෙරේදා (09දා ) වන විට යුක්රේන ජාතිකයන් විසි ලක්ෂයක් පමණ දෙනා සරණාගතයන් වශයෙන් වෙනත් රටවලට පලා ගොස් ඇති අතර එම පිරිසෙන් දස ලක්ෂයක් දෙනා කුඩා ළමුන්ය.

මේ අතර යුක්රේනයේ ‘ඉන්ටර්ෆැක්ස්’ ප‍්‍රවෘත්ති ආයතනය පවසා ඇත්තේ මේ වන විට සටන් පවතින ප‍්‍රදේශවලින් සිවිල් වැසියන් 48,000ක් පමණ දෙනා ‘මානුෂීය කොරිඩෝව’ වැඩපිළිවෙළ යටතේ ඉවත් කරගෙන ඇති බවයි. ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ රුසියානු ආක‍්‍රමණය හේතුවෙන් යුක්රේනය පුරා නිවාස රැසක් විනාශ වී ගොස් ඇති අතර සිය දහස් ගණනක් වන ජනතාවට, ආහාර හා උෂ්ණත්ව උපකරණ, විදුලිය හා වෛද්‍යාධාර නොමැති බවයි.

සංස්කරණය
ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment