හරක් කටා – කුඩු සලිඳු බලන්න මහෙස්ත්‍රාත් සී.අයි.ඩීයට යයි

78

මැඩගස්කරයේ සිට ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමෙන් අනතුරුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ආරක්ෂක අමාත්‍යවරයාගෙන් ලබාගත් මාස තුනක රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් යැයි කියන නඳුන් චින්තක හෙවත් හරක් කටා සහ සලිඳු මල්සිත හෙවත් කුඩු සලිඳු නිරීක්‍ෂණය කිරීම සඳහා කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (16 දා) පස්වරුවේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.

තම අධිකරණ බලප්‍රදේශයේ පිහිටි පොලිස් ස්ථානයක හෝ වෙනත් ආරක්ෂක කඳවුරක රඳවා සිටින ඕනෑම සැකකරුවකු නිරීක්‍ෂණය කිරීමේ නීතිමය බලය මහෙස්ත්‍රාත්වරයකුට හිමිවෙයි. ඒ අනුව කොටුව මහෙස්ත්‍රාත්වරයා එකී සැකකරුවන් නිරීක්‍ෂණය කර තිබේ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment