හසීස් ගැසීමෙන් බේරුවල පිරිමි පරදා කාන්තාවන් ඉදිරියට… පුරුෂ හිංසනයත් වැඩිවෙලා සමීක්‍ෂණයකින් හෙළිවෙයි

509

බේරුවල ප‍්‍රදේශයේ පිරිමි පුද්ගලයන්ට සාපේක්ෂව කාන්තාවන් මත්ද්‍රව්‍ය භාවිත කිරීමේ වැඩි ප‍්‍රවණතාවක් දක්නට ලැබෙන බව කාන්තා හා ළමා සංවර්ධන කාර්යාංශය සිදුකළ සමීක්ෂණයකදී අනාවරණය වී තිබේ. විශේෂයෙන්ම හසීස් නමැති මත්ද්‍රව්‍ය භාවිතයට ප‍්‍රදේශයේ කාන්තාවන් වැඩි පිරිසක් ඇබ්බැහිවී සිටින බව මෙහිදී හඳුනාගෙන තිබේ. එමෙන්ම මෙම තත්ත්වය ඉදිරියේදී තවදුරටත් වර්ධනය වීමේ හැකියාවක් පවතින බවද මෙම සමීක්ෂණයේදී වැඩිදුරටත් තහවුරු කරගෙන ඇත.

එමෙන්ම බිරින්දෑවරුන්ගේ නොයෙකුත් පීඩාවන්ට ලක්වෙමින් ජීවත්වන ස්වාමිපුරුෂයන් රැුසක් බේරුවල ප‍්‍රදේශයේ සිටින බවද බේරුවල කාන්තා හා ළමා සංවර්ධන නිලධාරිනිය පවසයි. බොහෝ ස්වාමිපුරුෂයන් තම බිරිඳගෙන් නිරන්තර පහරකෑමට පවා ලක්වන අතර ඒ සම්බන්ධයෙන් ප‍්‍රදේශයේ කිසිඳු පොලිස් ස්ථානයක එක් පැමිණිල්ලක් හෝ සටහන්වී නොමැති බව එම නිලධාරිනිය පෙන්වාදෙයි. සෑම අවස්ථාවකදීම පවුල් සංස්ථාව තුළ සිදුවන කාන්තා හිංසනය පිළිබඳව පමණක් සාකච්ඡාවට ලක්වූ නමුත් බේරුවල ප‍්‍රදේශයේ පවුල නම් ඒකකය තුළ පුරුෂ හිංසනය වැඩි වශයෙන් ක‍්‍රියාත්මක වන බව හඳුනාගෙන ඇතැයිද ඇය වැඩිදුරටත් පැවසුවාය.

බේරුවල – චමින්ද ප‍්‍රසාද්

advertistmentadvertistment
advertistmentadvertistment