හැටන් රාජ්‍ය බැංකුවකින් ව්‍යාජ රු.500 නෝට්ටු 5ක් මාරු කරන්න පැමිණි කත දැලේ

184

ව්‍යාජ රු. 500 නෝට්ටු පහක් හැටන් නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවකින් මාරු කිරීමට පැමිණි කාන්තාවක් එම බැංකුවේ නිලධාරීන් විසින් අල්ලා හැටන් පොලිසිය වෙත භාර දී ඇත.

හැටන් කුයිල්වත්ත ප්‍රදේශයේ පදිංචි එම කාන්තාව බැංකුව වෙත පැමිණ බැංකුවේ අයකැමි වෙත පවසා ඇත්තේ රෙදි සෝදන අවස්ථාවේ ඇඳුමෙහි සාක්කුවෙහි තිබූ රු. 500 නෝට්ටු ජලයට විනාශ වූ බවත්, ඒ අනුව එම මුදල් මාරු කර දෙන ලෙසයි.

කාන්තාව විසින් ලබාදුන් මුදල් නෝට්ටු බැංකු නිලධාරීන් විසින් පරීක්ෂා කර බැලීමේදී එය ව්‍යාජ නෝට්ටු බවට තහවුරු වූ නිසා එම කාන්තාව පරීක්ෂා පැවැත්වීම සඳහා හැටන් පොලිසිය වෙත භාර දී ඇත.

අත්අඩංගුවට ගත් කාන්තාව අවු 30 පමණ වයසැති දෙදරු මවක් බවත්, සැකකාරිනිය හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවත් හැටන් පොලිසියේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් ජයසේන මහතා පැවසීය.

නුවරඑළිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment