ෆිෆා වෙතින් ශ්‍රී ලංකාවට කොළ එළි

144

ලෝක කුසලාන පාපන්දු තරගාවලියට අදාළ ආසියානු කලාපයේ සුදුසුකම් ලැබීමේ තරග සඳහා ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට අවසර හිමි කර දීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (ෆිෆා) තීරණය කර තිබේ.

කොන්දේසි සහිතව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සහ ආසියානු පාපන්දු සම්මේලනය විසින් ශ්‍රී ලංකාවට මෙම අවසරය ලබා දී ඇත.

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග ලබන ඔක්තෝම්බර් 12 සහ 17 යන දිනවල පැවැත්වෙන අතර එම තරගාවලියේ ශ්‍රී ලංකාවේ පළමු සුදුසුකම් ලැබීමේ තරගය යේමනය සමග පැවැත්වෙන බව ද මේ වන විට තීරණය කර ඇත.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය මෙම ලෝක කුසලාන තරගයට අවම වශයෙන් දින 10කට පෙර සිය නිලවරණය පැවැත්වීම ෆිෆා ඉදිරිපත් කර ඇති ප්‍රධාන කොන්දේසියක් වෙයි.

එසේ නොවුවහොත් ශ්‍රී ලංකාවට සුදුසුකම් ලැබීමේ තරග සඳහා ක්‍රීඩා කිරීමට ඉඩ ලබා නොදෙනු ඇති බවද වාර්තා වෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment