13 ක්‍රියාත්මක කිරීමට ඇති ඓතිහාසික පදනම කුමක්ද?

272

දේශ සීමා ඇත්තේ මිනිස් සිත්වල මිස මහපොළොව මත නොවේ. එබැවින් මිනිස් සිත්වලින් දේශ සීමා ඉවත් කිරීම මිස ජාතීන් පදනම් කරගත් වර්ගවාදී ඉල්ලීම් පෝෂණය කිරීමෙන් යහපතක් සිදු වන්නේ නැත. යාපනයේ දරුවන්ට එහි තිබෙන සම්පත් පදනම් කර ගත් අධ්‍යපන ක්‍රමයක් දෙමළ නායකයන් ඉල්ලන්නේ නැත. දෙමළ ජනතාවට අවශ්‍ය කරන යටිතල පහසුකම් ඉල්ලන්නේ නැත. ආර්ථික දියුණුවේ ප්‍රතිලාභ ඉල්ලන්නේ ද නැත. කුල පීඩනය නැති කිරීමට කිසිවක් හෝ කරන්නේද නැත. මේ දෙමළ නායකයන් තමන්ගේ ජනතාව වෙනුවෙන් කතා කරන බව හෝ පිළිගන්නේ කෙසේද ?

13 වන සංශෝධනය සහමුලින්ම උතුරු – නැගෙනහිර දෙමළ නිජබිම පිළිගැනීම මත රඳාපවතී. 1881 දී ඒ වන තෙක් මලබාර් දෙමළ නමින් හැඳින්වූ ජනයා ලංකා දෙමළ ලෙස හිටි වනම සංගණන වාර්තාවේ සඳහන් කර ඇත. ඊට වසර 106 පසු ඉන්දු ලංකා ගිවිසුමෙන් “නැගෙනහිර සහ උතුරු පළාත් එම මලබාර් දෙමළ ජනයාගේ ඓතිහාසික නිජබිම වශයෙන් පිළිගැනීමෙන්” සිංහල ජනයාගේ නිජබිම් අයිතියට සිදු වූ සාධාරණය කුමක්ද? උතුරු-නැගෙනහිර දෙපළාතේ තමන්ගේ සිංහල නිජබිම අහිමි කිරීමට එරෙහි වීම ‘අපරාධයක් ලෙස හුවා දැක්වීම’ දැක්වීම මෙහි භයානකම තත්ත්වය වේ. 13 වන සංශෝධනය සහමුලින්ම බලාත්මක කිරීම පිළිබඳ තමන්ගේ මතය ඉදිරිපත් කරන ඕනෑම අයෙකු පහත දැක්වෙන ප්‍රශ්නවලට පිළිතුරු දීමට සිදු වෙයි.

  1. උතුරු-නැගෙනහිර දෙමළ ජනයාගේ ඓතිහාසික නිජබිම වශයෙන් පිළිගන්නේද නැද්ද?
  2. අනෙක් අතට උතුරු-නැගෙනහිර සිංහලයන්ගේ නිජබිම නොවන්නේද?
  3. කොටි සංවිධානය ප්‍රධාන දෙමළ ත්‍රස්තවාදී සංවිධාන බිහිකිරීම, ඉන්දු-ලංකා ගිවිසුම සහ 13 වන සංශෝධනය යන කාරණා එකට සම්බන්ධ වූ ඉන්දියානු බලහත්කාරයක් වශයෙන් පිළිගන්නේද?
  4. ඒ අනුව 13 වන සංශෝධනය පිළිගැනීම මත උතුරු-නැගෙනහිර පළාත්වල පාරම්පරික සිංහල ජනතාවගේ ආරක්ෂාව සහිත වේද? වෙනත් සිංහල කණ්ඩායමකට එහි අලුතින් පදිංචි විය හැකිද?
  1. මේ සියල්ල එකට ගත් විට 13 වන සංශෝධනය වර්ගවාදී බලහත්කාරයක්ද ? නැද්ද ?

මෙකී ඉන්දියානු බලහත්කාරයට රට බිලිදීම සම්බන්ධයෙන් කොළ පාට දේශපාලනය වගකිව යුතුය. ඔවුන් තවදුරටත් පාලනය මෙහෙය වීමට නුසුදුසුය. එසේම එයට විරුද්ධ මහජනතාව මෙහෙයවා එය(13) ව්‍යවස්ථානුකූලව පරාජය කිරීමේ වගකීම ඉටු නොකළ “නිල් පාට දේශපාලනය” ද මින් ඉදිරියට රට පාලනයට සුදුසු නොවන බව තහවුරු වී අවසන්ය. දැන් ඇත්තේ ජවිපෙ පරිච්ඡේදයයයි. රනිල් වික්‍රමසිංහ විසින් ‘13 බලාත්මක කිරීමට කුලප්පු නො කරද්දී පවා” ජවිපෙ ඒ හා සම්බන්ධව තමන්ගේ මතය ඉදිපත් කිරීමට අවංක විය යුතුය. එබැවින් මේ එළඹ ඇත්තේ, ‘මව්බිම නැත්නම් මරණය’ කියා රට ගිනිතැබූ ජවිපෙ තමන්ගේ රජයකින් ‘13’ පිළිගන්නේද නැද්ද යන්න පැහැදිලිවම කිය යුතු අවස්ථාවයි. නමුත් ඔවුන් පුදුම සහගත ලෙස නිද්‍රාශීලීය. අඩු තරමින් 1881 තරම් මෑතකදී ලංකා දෙමළ බවට පත් කළ මලබාර් දෙමළ ජනයාට සිංහල ජනයාට පවා නැති ‘නිජබිමක්’ උතුරු-නැගෙනහිර තිබිය හැකිද? යන්න හෝ බැරිද? යන්න හෝ පැහැදිලිව කිව යුතුය.

නැගෙනහිර පළාත ඉතිහාසයේ කිසිම යුගයක වෙනම දෙමළ රාජ්‍යයක කොටසක් නොවීය. පෘතුගීසීන් වහල් සේවයටත්, ලන්දේසීන් දුම්කොළ වගා කිරීම සදහාත් දකුණු ඉන්දීය ජනයා ගෙනවිත් පදිංචි කරවීය. මේ නිසාම බ්‍රිතාන්‍යයන්ගේ මුල් කාලීන පරිපාලන ලේඛනවල යාපනයේ දෙමළ කතා කරන ජනතාව “මලබාර් දෙමළ” යන නාමකරණයයෙන් හඳුන්වා ඇත. 1881 සංගණන වාර්තාව සකස් කළ එකල සොලිස්ටර් ජෙනරාල් වූ පොන්නම්බලම් අරුණාචලම් විසින් ඒ දක්වා මලබාර් දෙමළ නමින් හැඳින්වූ ජනතාව එක රැයකින් “ලංකා දෙමළ’ නමින් ජාතියේ නම රට හා සම්බන්ධ වන ලෙස වෙනස් කළේය. එකී මලබාර් දෙමළ ජනතාව උතුරු නැගෙනහිර පාරම්පරික නිජබිම් කරුවන් ලෙස හුවා දැක්වෙන ද්වීපාර්ශ්වික එකඟතාවක් ලෙස 1987 ජූලි 29 දී ඉංදීය අගමැතිවරයා වූ රජීව් ගාන්ධි සහ ශ්‍රී ලංකාවේ ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන ‘උතුමාණන්‘ විසින් කෙළඹදී ඉන්දු – ලංකා ගිවිසුම අත්සන් කරන ලදී.

ඉන්දු-ලංකා ගිවිසුමේ 1. iv වගන්තියේ දැක්වෙන්නේ “දෙමළ කතා කරන ශ්‍රී ලාංකික ජනයා අනෙකුත් ජනවාර්ගික කොට්ඨාසයන්ගෙන් සමඟ එකට ජීවත් වූ නැගෙනහිර සහ උතුරු පළාත් එම දෙමළ කතා කරන ජනයාගේ ඓතිහාසික වාසභූමි ලෙස පිළිගන්නා හෙයින්ද” යනාදී වශයෙනි.

එකී ඉංදු-ලංකා ගිවිසුම මඟින් දෙමළ ජනයා පිළිබඳව ඉන්දියාවේ වත් සාධක නොතිබූ යුගයක සිට නැගෙනහිර පළාතේ ජීවත් වූ සිංහල ජනයා සහමුලින්ම අමතක කර, පසු කාලයක ලංකාවට සංක්‍රමණය වූ දෙමළ ජාතියට ලිඛිතව නැගෙනහිර පළාතේ අයිතිය ලබා දී ඇත. මෙහි අතුරු ප්‍රතිඵලයක් ලෙස දැවැන්ත මහජන විරෝධයක්ද තරුණ සංහාරයක්ද සිදු විය. 13 සහමුලින්ම දෙමළ නිජබිම පිළිගැනීම මත රඳාපවතී. මේ නිසා 13 බලාත්මක කරන ඕනෑම පාර්ශ්වයකට නිජබිම පිළිබඳ සත්‍යතාව මනා ලෙස සාක්ෂි සහිතව තහවුරු කළ යුතු වේ.

ලංකාවේ දී දෙමළ යන්නෙන් ජන වර්ගයක් හැඳින්වෙන නමුත් දකුණු ඉන්දියාවේ දී ඒ නමින් හැඳින්වෙන්නේ භාෂාවකි. ද්‍රවිඩීය භාෂා පවුලට අයත් උප භාෂා කාණ්ඩ 4 ක් යටතේ භාෂා 128 ක් ඇත. ද්‍රවිඩීය භාෂා පවුලේ දකුණු ශාඛාවට අයත් දෙමළ භාෂාව පැහැදිලිවම ඉන්දියානු උරුමයක් මිස ලංකාවේ ඇති වූවක් නොවේ. එබැවින් ලංකාවේදී දෙමළ කතා කරන ජනතාව 13 වන සියවසෙන් මෙපිටදී මෙරටට සංක්‍රමණ වූ විවිධ ද්‍රවිඩීය භාෂා කතා කරන දකුණු ඉන්දියානුවන්ගේ එකතුවකි. අඩුම තරමින් ඔවුන්ගේ ආදීතමයන් එකම දෙමළ භාෂාවකට හෝ අයත් වන්නේද නැත. දෙමළ නාමය යටතේ සිංහල මුල් පදිංචි කරුවන්ට එරෙහිව ද්‍රවිඩීය භාෂා කතා කරන්නන් පොදුවේ සංවිධානය වී ඇති බව මෙයින් පැහැදිලි වන යථාර්ථය නොවේද ?

යාපනයේ දෙමළ ජනාවාස ආරම්භ වන්නේ චන්ද්‍රභානු නමැති ජාවක ආක්‍රමණිකයා ලංකාව ආක්‍රමය කර දළදාව පැහැර ගැනීමට වෑයම් කිරීමේ අතුරු ප්‍රතිඵලයක් වශයෙනි. චාවකච්චේරි ආදී ස්ථාන නාම එකී ජා හමුදාව කඳවුරු බැඳගත් ස්ථානවල නාම අවශේෂ බව පැහැදිලිවම තහවුරු වී ඇත. චන්ද්‍රභානු දෙවෙනි වතාවට උතුරු ලංකාව ආක්‍රමණය කිරීමට විවිධ දකුණු ඉන්දීය කුලී හමුදා බල ඇණි ගෙන්වා ඇත. මේ සටනින් චන්ද්‍රභානු පරාජය කළ දෙවන පරාක්‍රමබාහු (ක්‍රි. ව. 1236-1289) සමකාලීන පාණ්ඩ්‍ය අධිරාජ්‍යාගේ උපකාර ලබා ගෙන ඇත. පසු කලෙක එම හමුදා ආධාරවලට උපකාරයක් වශයෙන් යාපයේ පාණ්ඩ්‍ය බලඇණියක් නවත්වන්නට සිදු විය. එකල යාපනයේ බහුතර ජනතාව සිංහලයන් වන නමුත් පළමු වතාවට පාලන බලය පාණ්ඩ්‍ය රජුගේ නියෝජිතයන්ට හිමි විය. එම දේශපාලන සිදුවීම පසු කලෙක යාපනයේ සිංහල බලය නැතිවී දෙමළ ජනාවාස ව්‍යප්ත වීමට හේතු විය. යාපනයේ කෙටි කාලීන ආර්ය චක්‍රවර්තී පාලනය ආරම්භ වන්නේ මෙකී පාණ්ඩ්‍ය අධිරාජ්‍යයාගේ ආවරණයට යටත්වය. ආර්යචක්‍රවර්තී පාලකයන් භාවිත කළේද පාණ්ඩ්‍ය රජු නිකුත් කළ කාසි මිස ස්වාධීන මුදල් ක්‍රමයක් ඔවුන්ට නොවීය.

නමුත් යාපනයේ දෙමළ ජනාවාස බිහිවීම සම්බන්ධයෙන් පැරණිම ලිඛිත මූලාශය වන යාපාපටුන වංස කථාව (යාල්පානවෛපමාලෙයි) ලන්දේසි ආණ්ඩුකාරයෙකුගේ වුවමනාවට ලිය වී ඇති බව ඒ කෘතියෙන්ම සනාථ වෙයි. පොලොන්නරු යුගයෙන් පසුව දකුණු ඉන්දියාවේ පාණ්ඩ්‍ය අධිරාජ්‍යයාගේ ආශිර්වාදය ඇතිව දෙමළ භාෂා කථා කරන ජනතාව ගෙන්වා පදිංචි කරවීම සහ සිංහල ජනතාව බිය වද්දා එළවා දැමීම හෝ ඝාතනය කිරීම ඒ ඈත යුගයේදී පවා සිදුකර ඇති බව එම කෘතියෙන් අනාවරණය වෙයි. යාපනය සිංහලයන්ගේ නිජබිම නම් සිංහලයන් කෝ ? යාපනය හෙවත් පැරණි උත්තර පස්සහි පදිංචි සිංහලයන් සංකිලි විසින් අති සාහසික ලෙස ඝාතනය කිරීම සහ පලවා හැරී පසු, ඉතිරි පිරිස ද්‍රවිඩ කරණයට ලක්වී ‘ගොවි’ හෙවත් ‘කොවි’ ස්වරූපයෙන් පරම්පරාගතව ආ බව පෙනෙයි. එහිද නිශ්චිත ස්වරූපයක් නැත. ‘කොවියර්, කෝවියර් සහ කොවියා’ යන ස්වරූප තුනකි. ‘කොවියා’ යන්න ‘ගොවියා’ යන්නට වඩාත් සමානය. චිකාගෝ විශ්වවිදයාලයේ ප්‍රකාශනයක මේ අදහස ස්ටැන්ලි ජයරාජා (Stanley Jeyaraja, 1992) විසින් තව දුරටත් පැහැදිලි කර ඇත. ටෙලෝ සංවිධානයේ සාමාජිකයන් වැඩි පිරිසක් කෝවියර්වරුන්ගෙන් සැදුම්ලත් බව කියවෙන අතර මොවුන්ගෙන් විශාල පිරිසක් ක`ඵ ජූලියෙන් පසුව යුරෝපීය රටවලට සංක්‍රමණය වී සිටිත්. මේ නිසා යාපනයේ සිංහල නිජබිම් කරුවන් ද්‍රවිඩ බලය වර්ධනය වී තිබුණු කාල වලදී වරින් වර ඝාතන කිරීමට හෝ එළවා දැමීමට ලක්විය. ඉතිරි පිරිස දෙමළ සමාජයේ ස්වරූපයට සකස් වී කොවි කුලය ලෙස ජීවත් වී ඇත.

ලලීන්ද්‍ර සන්නස්ගම
ඉතිරිය කොටස හෙට පත්‍රයේ…..

advertistmentadvertistment
advertistmentadvertistment