17න් පහළ යොවුන් ක්‍රිකට් ලීගය – කොළඹ උතුර හා මහනුවර අවසන් තරගයට

66

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස අවුරුදු 17න් පහළ යොවුන් ක්‍රිකට් ලීගයේ අවසන් මහ තරගයට කොළඹ උතුර 17න් පහළ පිල හා මහනුවර 17න් පහළ පිල සුදුසුකම් ලබා ගත්තේය.

කොළඹ උතුරු පිල තරග 4කට සහභාගිවී තරග 3ක් ජයගෙන තරගයක් විසඳුමකින් තොරව නිමා කොට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණි අතර, මහනුවර පිල තරග 4කට සහභාගිවී තරග 3ක් ජයගෙන තරගයක් පරාජයවී දෙවැනි ස්ථානයට පත්විය.

පළාත් 5ක් නියෝජනය කරමින් තරග වැදුණු වයස අවුරුදු 17න් පහළ යොවුන් ක්‍රිකට් ලීගයේ කොළඹ දකුණ, දඹුල්ල හා ගාල්ල තරගාවලියට සහභාගි වූ සෙසු කණ්ඩායම් වේ.

advertistmentadvertistment
advertistmentadvertistment