28 C
Colombo
|
Wednesday, May 8, 2024
Homeජෝතිෂය

ජෝතිෂය

Divaina- Obe Daiyawaya astrology

අද දවසේ ඔබේ දෛවය


Qries

මේෂ

ශුභාශුභ මිශ්‍ර ඵල දෙයි. රාජකාරි ද තරමක් බහුල වෙයි. ප්‍රීති සාද උත්සව වැනි දේවල්වලට ද හේතුයි. මහජන ප්‍රසාදයට පත්වන කරුණු කාරණා යෙදෙන අතර හදිසි ධන ලාභ ද දෙයි. සෙම් රෝග ශ්වසන රෝග මතුවෙයි.

Date: 2024-05-08

ජය අංකය: 01
ශුභ වර්ණය: දම්
Qries

වෘෂභ

ගමන් බිමන් යෙදෙන අතර තම අරමුණු බාධා වෙයි. ඍජු ගුණයෙන් ක්‍රියාකරයි. තරග විභාග ජය දෙයි. සතුරන් දමනය කර ඉදිරියට යෑමේ ශක්තිය මතුකරයි. විවේචනයට ලක්වීමට ඉඩ තිබේ. මුත්‍රා ආසාදන රෝග මතුවේ.

Date: 2024-05-08

ජය අංකය: 06
ශුභ වර්ණය: ක්‍රීම්
Qries

මිථුන

කාර්ය බහුල දිනකි. ලිපි ලේඛන තුළින් ජය ගෙනදෙයි. නව නිර්මාණකරණයට ශුභයි. උගතුන් වියතුන් ඇසුරට පත්වෙයි. රාජකාරිවලදී කැපී පෙනේ. වටිනාකම ප්‍රදර්ශනය වෙයි. හදිසි ලාභ ලබයි. ස්නායුගත රෝග, වාත රෝග මතුවේ.

Date: 2024-05-08

ජය අංකය: 08
ශුභ වර්ණය: රන්වන්
Qries

කටක

ක්‍රියාකාරකම් බහුල වෙයි. තම ව්‍යාපාරවල පැහැදිලි දියුණුවක් පෙනේ. උගතුන් වියතුන් ඇසුරට පත්වෙයි. තම වටිනාකම ඇසුරුකරන්නන් අතර ප්‍රදර්ශනය වෙයි. හදිසි ලාභ අමතර ලාභ දෙයි. ශිරෝගත රෝග, උෂ්ණ රෝග දෙයි.

Date: 2024-05-08

ජය අංකය: 03
ශුභ වර්ණය: සුදු
Qries

සිංහ

ශුභවාදී ඵල මතුකරයි. ගමන් බිමන් බහුල දිනකි. ප්‍රීති උත්සවවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. තරමක් වැයපස ඉහළ යයි. ව්‍යාපාරවල දියුණුවක් පෙනේ. නව නිපැයුම් ඇරඹීමට ශුභයි. සෙම් බහුල රෝග සාදයි.

Date: 2024-05-08

ජය අංකය: 01
ශුභ වර්ණය: ළා දම්
Qries

කන්‍යා

ශුභාශුභ මිශ්‍රඵල මතුකරයි. රැකීරක්‍ෂා ඉතා උනන්දුවෙන් සිදුකරයි. තම ව්‍යාපාරවලදී පැහැදිලි දියුණුවක් පෙනේ. සතුරු බලපෑම් එල්ලවෙයි. තරමක් සිත් චංචල කරවයි. සිරසගත රෝගවලට හේතුයි.

Date: 2024-05-08

ජය අංකය: 05
ශුභ වර්ණය: කොළ
Qries

තුලා

ශුභාශුභ මිශ්‍රඵල මතුකරයි. කෙටි ගමන් බහුල වෙයි. සමාජ සත්කාරක ක්‍රියා, ජනතා ප්‍රසාදයට පත්වන ක්‍රියා ආදියෙහි යෙදේ. රැකියාවේ උනන්දු වීමකට හේතුයි. ව්‍යාපාරවල තරමක් ගැටලු මතුකරයි. සන්ධි ප්‍රදාහ රෝගවලට හේතුයි.

Date: 2024-05-08

ජය අංකය: 04
ශුභ වර්ණය: රෝස
Qries

වෘශ්චික

ශුභවාදී ඵල දෙයි. නව නිර්මාණකරණයට ශුභයි. ව්‍යාපාරවල මන්දගාමී බවක් මතුකරයි. පොදුජනතා සේවයට ක්‍රියාකරයි. ප්‍රේම සබඳතා මතුකරයි. තම නමට කැළලකට හේතු බැවින් ප්‍රවේශම මැනවි. ආමාශගත රෝග සාදයි. ප්‍රීති උත්සවවලට සහභාගි වෙයි.

Date: 2024-05-08

ජය අංකය: 07
ශුභ වර්ණය: රතු
Qries

ධනු

ශුභ දිනකි. ප්‍රීති උත්සව යෙදේ. විනෝදජනක කටයුතු දියත් කරයි. ප්‍රබෝධයෙන් රැකියාවල යෙදේ. තනතුරු ලාභ ලැබීම්වලට හේතුයි. සතුරන් දමනය වෙයි. සෞඛ්‍ය තත්ත්වය පිරිහීමට හේතු බැවින් කල්පනාකාරීවීම ශුභයි.

Date: 2024-05-08

ජය අංකය: 07
ශුභ වර්ණය: කහ
Qries

මකර

ශුභාශුභ මිශ්‍රඵල මතුකරයි. රැකියා ස්ථානවල බාධා ඉවත් වෙයි. ව්‍යාපාරවල දියුණුවක් පෙනේ. නව නිර්මාණ ඇරඹීමට හොඳයි. පොදු සේවා, සමාජ සත්කාරවල යෙදේ. ආමාශගත රෝග ආහාර විෂවීම්වලට හේතුයි.

Date: 2024-05-08

ජය අංකය: 02
ශුභ වර්ණය: නිල්
Qries

කුම්භ

ශුභ ඵල ගෙනදෙයි. නවක මිතුදම් ඇතිවෙයි. ප්‍රීති උත්සව යෙදේ. සුහදතා වර්ධන කටයුතුවල ද යෙදේ. රැකියාවේ උසස්වීම් වැනි දේට හේතුයි. උසස් මිතුරන් ඇසුරට පත්වෙයි. කලක් වධ දුන් රෝගවල සුවතාව මතුවෙයි.

Date: 2024-05-08

ජය අංකය: 05
ශුභ වර්ණය: ළා දුඹුරු
Qries

මීන

ශුභවාදී ඵල ගෙනදෙයි. රැකියා ලාභ ලැබීම්, නව ව්‍යාපාර ඇරඹීම් ආදියට හේතුයි. සතුරන් දමනය වේ. ඇසුරුකරන්නන් අතර ප්‍රසාදය දිනයි. හදිසි ලාභ ලැබීම්වලට හේතුයි. සන්ධි රෝග, ඉදිමුම් රෝග ආදියට හේතුයි.

Date: 2024-05-08

ජය අංකය: 09
ශුභ වර්ණය: තැඹිලි

ජෝතිෂය

Stay Connected

FansLike
FollowersFollow
SubscribersSubscribe
advertistmentadvertistment

නවතම ලිපි

advertistmentadvertistment
ePaper