ශ්‍රී ලාංකිකයන් අතර විශ්වාසය දිනූ කිර්තීමත් වෙළෙඳ සන්නාමයක් වන “KIST’’ නාමය යටතේ ආහාර සහ බීම වර්ග නිෂ්පාදකයෙකු ලෙස ඉහළ කීර්තියක් උසුලන සීමාසහිත කාගිල්ස් ෆුඩ් ඇන්ඩ් බේවරේජස් සමාගම, .’KIST Squeeasy Buddy’ නමින් ලේසියෙන්ම මිරිකා (squeezable) භාවිතා කිරීමේ පහසුව ඇති සෝස් නිෂ්පාදන පෙළක් වෙළඳපොලට හඳුන්වාදෙයි. ඉවුම් පිහුම් සහකරුවා යන සංකල්පය මත පදනම්ව එදිනෙදා ඉහුම් පිහුම් අවශ්‍යතාවන්ට පහසුවක් සහයක් ලබාදීමට මෙම නව නිෂ්පාදන පෙළ නිර්මාණය කර ඇත. සංචාරකයන්, ආහාර ලෝලීන්, ආහාර රස නිර්මාපකයන්, ප්‍රිය සම්භාෂණ පවත්වන්නන් ඇතුළු පාරිභෝගික සැමට එකසේ ගැළපෙන නිෂ්පාදන පෙළක් බව මෙම අනර්ඝතම සෝස් පෙළ තුළින් මනාව පැහැදිළි වෙයි. Tomato, Chilli, Hot Chilli, Sweet & Sour සහ Garlic ආදී ඔවුන්ගේ ජනප්‍රිය සාම්ප්‍රදායික සෝස් වර්ග පෙළට අමතරව ඉහළ රසයකින් සපිරි නව සෝස් වර්ග කිහිපයක් සමග සිය නිෂ්පාදන පෙළ පුළුල් කිරීමට KIST කටයුතු කර තිබේ. මෙම සෝස් වර්ග අතර cooking sauces, dressings, dips සහ මාංශ ආහාර වර්ග සඳහා විශේෂයෙන්ම සකස් කළ සෝස් වර්ගද වෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment