අගමැතිගෙන් ලෝක ආහාර සංවිධානයට ආරාධනයක්

228

ලෝක ආහාර සංවිධානයේ නියෝජිතයින් ළඟදීම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.ශ්‍රී ලංකාවේ පවතින අර්බුදකාරී තත්වය පිළිබඳව ලෝක ආහාර සංවිධානය දැනුවත් කළ බවත් එම සංවිධානයේ නියෝජිත පිරිසක් ළඟදීම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවත් එහි සදහන් කර ඇත.තම ආරාධනය පිළිගෙන ශ්‍රී ලංකාවට පැමිණීමට එකඟතාවය පළ කළ ලෝක ආහාර සංවිධානයට කෘතඥතාවය පළ කරන බවත් අසීරු මොහොතේ ශ්‍රී ලංකාවට ලබාදෙන සහයෝගය අගය කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment