අද කාලගුණය

291

දිවයිනේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් අද දිනයේ දී පළාත් කිහිපයකට තද වැසි ඇති විය හැකිය බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.උතුර , උතුරු මැද,වයඹ, නැගෙනහිර,ඌව, සබරගමුව සහ මධ්‍යම යන පළාත් වලට මිලිමීටර් 100ක පමණ වැසි ඇති විය හැකි බව පවසයි.සෙසු පළාත් වලට මිලිමීටර් 75ක පමණ වැසි ඇති විය හැකිය.දකුණු පළාතේ විටින් විට සුලගේ වේගය පැයට කිලෝමීටර් 75ක් පමණ විය හැකිය.ගිගුරුම් සහිත වැසි සමග ඇතැම් ප්‍රදේශ වලට තද සුළං සමග අකුණු ඇතිවියහැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment