අද දහවල් 12 තෙක් කොළඹ නළ ජලයෙහි අඩු පීඩනයක්

84

හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ නගරය ආශ්‍රිත ප්‍රදේශ රැසක ජල සැපයුම අද දහවල් 12 දක්වා අඩු පීඩනයක් යටතේ සිදුවන බව ජාතික ජලසම්පාදන ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව කොළඹ 01,02,03,04,07,08,09,10 සහ 11 යන ප්‍රදේශවල ජල සැපයුම මෙලෙස අඩු පීඩනයක් යටතේ සිදුවන අතර උස් ස්ථානවල ජල සැපයුමට බාධා එල්ල විය හැකි බව ද පවසයි.

කොලොන්නාව ප්‍රදේශයේදී අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට ජලය බෙදා හරින නල මාර්ගයක බිඳ වැටීමක් එම තත්ත්වයට හේතු වී තිබේ.

අදාළ නල මාර්ගයේ අලුත්වැඩියා කටයුතු ආරම්භ කර ඇති අතර කඩිනමින් ජල සැපයුම යථා තත්ත්වයට පත්කිරීමට කටයුතු කරන බව ජාතික ජලසම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment