අද රට නැත්තටම නැතිවෙලා – දුර්දාන්ත පාලනය වහාම පෙරළමු – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

130

“ගෝඨා – රනිල් ශාපය අවසන් කරමු” සජබ කොළඹ කොටුවේදී…

‘ගෝඨා රනිල් ශාපය අවසන් කරමු’ තේමාව යටතේ සමගි ජනබලවේගය ප්‍රමුඛ සිවිල් සංවිධාන, වෘත්තීය සමිති විසින් පැවැත්වූ විරෝධතාවක් කොළඹ කොටුවේදී පෙරේදා (30දා) සවස පැවැත් විණි. විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, මුජිබර් රහුමන්, තුසාර ඉඳුනිල්, අසෝක් අබේසිංහ ඇතුළු මහත්වරු හා පක්‍ෂයේ ක්‍රියාකාරීන් හා විශාල ජනතාවක්ද ඊට එක්ව සිටියහ.

අද රට නැත්තටම නැති වී ඇති බවත් මේ දුර්දාන්ත පාලනය වහාම පෙරළා දමා ජනතාවාදී පාලනයක් ස්ථාපිත කිරීම අත්‍යවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අද රට නැත්තටම නැතිවෙලා - දුර්දාන්ත පාලනය වහාම පෙරළමු - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

ජනතා මුදල් කොල්ලකමින් සිදු කොට ඇති විනාශය නතර කළ යුතු බව පැවසූ විපක්ෂ නායකවරයා එලෙස කොල්ල කන ලද සියලු මුදල් රටට අත්පත් කර ගැනීමේ මෙහෙයුම ද ආරම්භ කරන බව පැවසීය.

‘ගෝඨා රනිල් ශාපය අවසන් කරමු’ මැයෙන් සමගි ජන බලවේගය ප්‍රමුඛ සිවිල් සංවිධාන, වෘත්තීය සමිති ඇතුළු පිරිස් විසින් සංවිධානය කරනු ලැබූ දැවැන්ත විරෝධතාවය පෙරේදා (30දා) කොටුව දුම්රියපළ පරිශ්‍රයේදී පැවැත්විණි.

රට අරාජිකත්වයට ඇද දැමූ දුර්දාන්ත පාලනයට එරෙහිව දේශපාලන නායකයන්, සිවිල් සහ වෘත්තීය ක්‍රියාකාරීන් මෙන්ම පොදු ජනතාව විශාල පිරිසක් ද ඊට එක්ව සිටියහ. මේ ආණ්ඩුව රටේ සමස්ත ජනතාව බරපතළ අර්බුදයකට ලක්කොට ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා අධ්‍යාපනය සෞඛ්‍යය කෘෂිකර්මාන්තය ඇතුළු සියල්ල විනාශ කොට දමා ඇතැයිද පැවසීය. නව ජනවරමක් තුළින් පිරිසිදු පාලනයක් ගොඩනැගීම වෙනුවෙන් ඇපකැප වෙන ලෙස ද විපක්ෂ නායකයා ඉල්ලා සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment