අන්තර්ජාතික පේ‍්‍රක්ෂකාගාරයට ගිය පෙරීප්ලා

563

පෙරීප්ලා කෙටි චිත‍්‍රපටය ලන්ඩන් lift of gold network අන්තර් ජාතික කෙටි චිත‍්‍රපට උළෙලේ අවසන් වටයේ ප‍්‍රදර්ශනය සඳහා සුදුසුකම් ලැබ පසුගිය අඟහරුවාදා වෙන තෙක් එය ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ ප‍්‍රදර්ශනය කෙරිණි. සෑම මනුෂ්‍යයෙකුටම ජීවත් වීමේදී තමන්ට අනන්‍ය වූ ගමනක් තිබෙන බව පසක් කරන පෙරීප්ලා ගයාන් ප‍්‍රනාන්දුගේ අටවන කෙටි චිත‍්‍රපට නිර්මාණය වෙයි. මිනිත්තු 16 ක කාලයක් පුරා තිරයේ දිගහැරෙන එහි දර්ශන මරදාන, කොළඹ කොටුව, මොරටුව සහ ජාඇල නමැති ප‍්‍රදේශ කේන්ද්‍ර කරගෙන රූගත කර ඇත. සිනමා පටය රූගත කර තිබෙන්නෙ 4K තාක්ෂණය යොදාගෙනය.

අන්තර්ජාතික පේ‍්‍රක්ෂකාගාරයට ගිය පෙරීප්ලා
ගයාන් ප‍්‍රනාන්දු

මීට පෙර ‘‘ද ලයිෆ්, යථාර්ථය, ද ෆයිනල් ආට්, අඳුරු වලාකුළු, පරිකල්පනය, එන්ඩවොමන්ට් ඔෆ් ඩෙත්, හමස් පෙට්ටිය’’ වැනි කෙටි චිත‍්‍රපට නිර්මාණය කළ ගයාන් අන්තර්ජාතික පේ‍්‍රක්ෂකාගාරයක් හමුවේ ‘පෙරීප්ලා’ දිගහැරීම ගැන පවසන්නේ මෙවැන්නකි.

‘‘ප‍්‍රංශයේ ARG international film festivel එකේ අවසන් වටයේ හොඳම චිත‍්‍රපට 10 අතරටත් ප‍්‍රදර්ශනය පෙරීප්ලා තේරුණා. ඒ වගේම මේ චිත‍්‍රපටයේ නිමාලිගේ චිරිතය නිරූපණය කරන්නේ ඉමේෂා එදිරිපක්ෂ. එම චරිත නිරූපණය සඳහා ඇය ඇගයීමකට ලක්විය.’’

පෙරීප්ලා කියන්නෙ නුහුරු වචනයක්. මෙයින් කියැවෙන්නෙ මොකක්ද?

පෙරීප්ලා යන වචනය ප‍්‍රංශ භාෂාවේ එන්නක්. ‘‘ගමන’’ කියන තේරුම මෙහි එන්නෙ. පවුල්වල තියෙන දරිද්‍රතාව, පවුල් පසුබිම වැනි කරුණු නිසා එක එක පුද්ගලයන් ජීවිතයේ විවිධ වූ හැල හැප්පීම් එක්ක යන ගමන අපි චරිත කිහිපයක් මගින් පෙරීප්ලා චිත‍්‍රපටයෙදි පෙන්වනවා. චිත‍්‍රපටයෙදි ගමන ගැන කතා කරන නිසා චිත‍්‍රපටයේ ටයිටල් එකටත් ඒ නම දාලා මිනිස්සුත් ඒක හොයාගෙන යන්න ඕන කියන අදහස අපි හිතුවා. ඇත්තටම මට මේ චිත‍්‍රපටය විශේෂ වෙන්නෙ අන්තර්ජාතික සම්මානයක් ගත්ත නිසාම විතරක් නෙවෙයි. මීට පෙර මම කරපු හැම චිත‍්‍රපටයකම පිටපත ලිව්වේ මම. ඒත් මේ චිත‍්‍රපටයේ පිටපත ලිව්වේ මාධ්‍යවේදියෙක් වන ජයන්ත රාජරත්න බණ්ඩාර මහත්මයා. ඒ පිටපත සාකච්ඡුා කරලා මට අවශ්‍ය විදියට පොඩි වෙනස්කම් ටිකක් කරල ගත්තා.

ස්වකීය නිර්මාණය ගැන ගයාන් එසේ කියන්නේය.

මහේන්ද්‍ර වීරරත්න (වික්ටර්) ඉමේෂා එදිරිපක්ෂ (නිමාලි) කවිත්මා ඕෂනී (ඇසලා) අමිල චින්තක (ප‍්‍රසන්න) රංගනයෙන්ද, නවරත්න ගමගේ සංගීතයෙන්ද වර්ණවත් වන පෙරීප්ලා නිෂ්පාදනය කර තිබෙන්නේ ලලිතා ප‍්‍රනාන්දු විසිනි.

  • තිස්ස
advertistmentadvertistment
advertistmentadvertistment