අන්තර්ජාලය ඔස්සේ විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට 29578 ක් අයැදුම් කරලා – ඇමැති ටිරාන් අලස්

117

විදේශ ගමන් බලපත්‍ර අන්තර්ජාලය ඔස්සේ ලබාගැනීම සඳහා ඉකුත් මාසයක කාලය තුළ 29578 දෙනකු අයදුම් කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පැවසීය. මෙයින් 5294ක් එක්දින සේවය සදහාද 24285ක් සාමාන්‍ය සේවය සඳහාද අයදුම්පත් ඉදිරිපත් කර ඇත.

මාර්ගගත ක්‍රමය ඔස්සේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ වැඩපිළිවෙළ 2023 ජූනි 15 වැනිදා ආරම්භ කෙරිණි. එදින සිට ගත වූ දින 30 ක් තුළ මෙම අයදුම්පත් 29579 ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට ලැබී තිබෙන බවද අමාත්‍ය ටිරන් අලස් පැවසීය.

අයදුම්කරු නම ලියාපදිංචි කිරීම් සඳහා, නම් කර ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාල 51න් ඕනෑම ස්ථානයකට පැමිණීම අවශ්‍ය බව පෙන්වා දුන් අමාත්‍යවරයා අන්තර්ජාලය හරහා හෝ ලංකා බැංකුවේ ශාඛාවකට පැමිණීමෙන් අදාළ ගෙවීම් සිදු කළ හැකි බවත් පැවසීය.

මෙම ක්‍රමය මත බත්තරමුල්ල ආගමන හා විගමන දෙපාර්තමේන්තු කාර්යාලය ඉදිරිපිට තිබූ දීර්ඝ පෝලිම් ද අවසන් වී ඇති බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පැවසීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment