අපහාස චෝදනාවෙන් නිදහස් වූ රාහුල් ගාන්ධි නැවත පාර්ලිමේන්තුවට එයි

266

සාපරාධී අපහාස චෝදනාවකට වරදකරු වී සිය පාර්ලිමේන්තු අසුන අහිමි වී සිටි ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි එම චෝදනාවෙන් නිදහස් වීමෙන් පසු ඊයේ (07දා) ප්‍රථම වරට ඔහු නියෝජනය කරන කොංග්‍රස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රීති ඝෝෂා මධ්‍යයේ පාර්ලිමේන්තුවේ නැවත අසුන් ගෙන තිබේ. 2019 වසරේ පැවති මැතිවරණ රැලියකදී වත්මන් අගමැති නරේන්ද්‍ර සිං මෝඩි ගේ වාසගම ප්‍රකාශයක සඳහන් කිරීම හේතුවෙන් සාපරාධී අපහාස චෝදනාවක් රාහුල් ගාන්ධි වෙත එල්ල වූ අතර එම චෝදනාව සම්බන්ධයෙන් පැවති අධිකරණ නඩු විභාගයේදී වරදකරු වීම නිසා ඉකුත් මාර්තු මාසයේදී ඔහුට වසර දෙකක සිර දඬුවමක් නියම විය. අදාළ සිර දඬුවම හේතුවෙන් රාහුල් ගාන්ධිගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයද අහිමි කෙරුණු අතර ඉකුත් සිකුරාදා (04දා) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රාහුල් ගාන්ධිට එරෙහිව පැවති චෝදනාව අත්හිටුවීම හේතුවෙන් නැවත පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය හිමි විය.

තම පාර්ලිමේන්තු අසුන නැවත හිමි වීමෙන් පසු ඊයේ දිනයේ ඉන්දීය ලෝක් සභා පාර්ලිමේන්තුව වෙත පැමිණි ඉන්දීය විපක්ෂ නායක ගාන්ධි පිළිගත් කොංග්‍රස් පක්ෂ නායකයන් ප්‍රීති ඝෝෂා නගමින් හා පාර්ලිමේන්තුවෙන් පිටත රැස්ව සිටි රසකැවිලි බෙදමින් එම අවස්ථාව සමරා තිබේ. අධිකරණයේ ඔහුට එරෙහිව පැවති චෝදනාව අත්හිටුවීම හේතුවෙන් රාහුල්

ගාන්ධි හට ලබන වසරේ පැවැත්වීමට නියමිත මහා මැතිවරණයට තරග කිරීමේ අවස්ථාවද හිමිව තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment